සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 180
අවසාදනය
1. නා. (වණයක උඩට ලියලා ඇති මස ඖෂධ ප්රලේපාදියෙන්) පහතට හෙළීම; අඩු කිරීම.
2. නා. ජලයෙහි හෝ සුළගෙහි රැඳී පැමිණ තැන්පත් වන වැලි, ගල්, මඩ ආදි දේ.
අවසාදිත
වි. මණ්ඩි එකතු වූ; අවසාදනය වූ; ස්තරීභූත. (=sedimentary).
අවසානය
1. නා. කෙළවර; අන්තය; නිමාව; සමාප්තිය.
2. නා. මරණය.
අවසීදනය
නා. කිඳා බැසීම; ගිලා බැසීම.
අවහරණය
1. නා. ඉවත් කිරීම; පැහැර ගෙන යෑම; බලෙන් ගෙන යෑම.
2. (විනය.) නා. යමක් සොරා ගැනීම; පරිස්සමට තිබූ බඩුවක් නොදී ලබා ගැනීම.
අවහසිත
නා.ප්‍ර. දෙඋර සහ හිස කම්පනය කෙරෙමින් කරන සිනහව.
අවහාරය
නා. පැහැර ගැනීම; සොරකම් කර ගැනීම.
අවහාසය
නා. නින්දාව; අපහාසය.
අවහිත
1. වි. තබන ලද; ස්ථාපිත.
2. වි. වැසුණු.
3. වි. හොඳින් යොමු කළ; අවධානයෙන් යුක්ත.
අවහිරය
නා. බාධකය; බාධාව; වැළැක්වීම.
අව්හානය
නා. කැඳවීම; අඬ ගැසීම; ආමන්ත්‍රණය.
අව්‍යක්ත
1. වි. ප්‍රකට නොවූ; අදෘශ්‍යමාන; නොපැහැදිලි.
2. වි. නූගත්; අඥාන; මෝඩ.
අව්යතික්රමණය
නා. නොඉක්මවීම; කඩ නොකිරීම; උල්ලඞ්ඝනය නොකිරීම.
අව්යභිචාරය
1. නා. වෙන් නොවීම; වෙනස් නොවීම.
2. නා. පතිව්රතය.
අව්යභිචාරිණී
නා.ප්‍ර. පතිදම් රකින ස්ත්‍රිය.
අව්‍යය
වි. ව්‍යය නොවන; වෙනස් නොවන; ක්ෂය නොවන.
නා.ප්‍ර. (ව්‍යාක.) ලිඞ්ග විභක්ති ආදිය වර නොනැඟී ඒ වචන භේදයෙන් වෙනස් නොවන නිපාත සහ උපසර්ග යන පද.
අව්යවධාන
වි. අතරක් නැති; යාබදව පිහිටි.
අව්යවස්ථිත
වි. ව්‍යවස්ථානුකූල නොවූ; නියම නොකළ; වෙනස් වන.
අව්‍යවහිත
වි. වෙන් නොවූ; අතරක් නැති; යාබද.
අව්යවහෘත
වි. ව්‍යවහාර නොවූ; භාවිතයෙහි නැති.
අව්‍යාජ
වි. ව්‍යාජයෙන් තොර; සැබෑ; අවංක.
අව්‍යාධික
වි. රෝග නැති; නිරෝග.
අව්‍යාප්ත
වි. නොපැතිරුණු.
අව්යාපෘත
වි. නොයෙදුණු; නිරත නොවූ.