සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 181
අව්යාහෘත
වි. නොකියන ලද; ප්‍රකාශ නොකරන ලද.
අව්‍යුත්පන්න
1. වි. (ව්‍යාක.) බෙදා වෙන් කළ නොහැකි; නිරුක්ති හෝ ව්‍යුත්පත්ති දැක්විය නොහැකි.
2. වි. පළපුරුද්ද නැති.
අව්‍යුපශාන්ත
වි. උපශාන්ත නොවූ; නොසංසිඳුණු; නොසන්සුන්.
අවා
1. නා.ප්‍ර. අපාය; නරකාදිය.
2. නා.ප්‍ර. මනාලිය කැඳවාගෙන ඒම; ආවාහය.
අවා ගැනුම
නා. කාන්තාවක භාර්යාව වශයෙන් පාවා ගැනීම; ආවාහය.
අවා පුරය
නා. අපාය නමැති පුරය; අපාය; නිරය; නරකය.
අවා බිම
නා. අපාය තලය; සතර අපාය.
අවාකර
නා.ප්‍ර. අපාය අක්ෂර.
අවාච්‍ය
වි. නොකිය හැකි; කියා නිම කිරීමට නුපුළුවන්.
අවාචී
නා.ප්‍ර. දකුණු දිශාව.
අවාදුක
නා. අපායෙහි පවත්නා දුක.
අවාන
නා. පවන්පත; විජිනිපත.
අවාබිය
නා.ප්‍ර. අපාය භය; අපායෙහි ඉපදීම ගැන ඇති භය.
අවාරය
නා. අනියම් කාලය; අකාලය; ගස්වැල්වල සාමාන්‍යයෙන් මල් පල හට නොගන්නා කාලය.
අවාරවැහි
නා.ප්‍ර. අවාරයේ ඇති වන වර්ෂාව; නොකල් වැස්ස.
අවාර්ය
වි. නොවැළැක්විය හැකි.
අවාරිත
වි. නොවැළකූ; ආබාධිත.
අවාවිවා
නා.ප්‍ර. ආවාහ විවාහ; හිර ගනුදෙනු.
අවාසනාව
නා. වාසනාවෙන් තොරබව; අභාග්‍යය; අහේතුව.
අවාස්තවික
(පාරිභා.) වි. කාල්පනික; අභූත; අතථ්‍ය (=unreal).
අවාසි
වි. පාඩු; අලාභ.
අවැඩ
නා. අයහපත; අනර්ථය; හානිය.
අවැඩදායක
වි. අනර්ථදායක; හානිකර.
අවැස්ස
වි. ළඟ නෑකම් ඇති; කිට්ටුවෙන් ම ඥාති වූ.