සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 182
අවි ආයුධ
නා.බහු. ආයුධ; ශස්ත්‍ර.
අවි ශිල්පය
නා. ආයුධ භාවිතය පිළිබඳ වූ ශිල්පය; ආයුධ ශිල්පය.
අවිකප්පනය
නා. විකල්පනය නොකිරීම; වෙනස් ව කල්පනා නොකිරීම.
අවිකම්පනය
නා. කම්පනය නොවීම; නොසෙලවීම.
අවිකල
වි. ප්‍රකෘති තත්වයෙන් පවතින.
අවිකලාඞ්ග
අවික්ෂිප්ත
වි. නොකැලඹුණු; සිත් අවුල් නුවූ.
අවික්‍ෂේපය
1. නා. කලබල නොවීම.
2. (අභි.) නා. නොයෙක් අරමුණුවල සිත විසිර නොයෑම; සිතෙහි එකඟ බව.
අවිකාර්ය
වි. වෙනස් නොකළ හැකි.
අවිකෘත
වි. විකෘත නොවූ; නොවෙනස්.
අවිකෝපනය
නා. විනාශ නොවීම; නොනැසීම.
අවිගත
වි. පහ නොවූ; ඉවත් නොකළ.
අවිඝ්න
වි. බාධා නැති; උවදුරු නැති.
අවිච්ඡින්න
වි. නොසිඳුණු; නොකැඩුණු; අඛණ්ඩ.
අවිච්ඡේදය
1. නා. නොසිඳී පැවැත්ම; නිරන්තර ව පැවතීම.
2. නා. ප්‍රජාවගේ අසම්භින්න පැවැත්ම; පරම්පරාව.
අවිචාරය
1. නා. විචාරයෙන් තොරබව; විමසා නොබැලීම.
2. (අභි.) නා. සිත අරමුණෙහි නොපැවැත්ම.
අවිජහිත
වි. අත් නොහරින ලද; අත් නොහළ.
අවිජ්ජාව
නා. (අභි.) නොදැනීම; චතුරාර්ය සත්‍යය නොදැනීම; අවිද්‍යාව.
අවිජානනය
නා. නොදැනීම; වටහා නොගැනීම.
අවිඤ්ඤාණ
වි. විඤ්ඤාණයක් නැති; සිත් පිත් නැති; අචේතනික.
අවිඤ්ඤු
නා.ප්‍ර. කාරණාකාරණ නොදත් තැනැත්තා; අඥාන පුද්ගලයා.
අවිඥාත
1. වි. නොදන්නා ලද; නොදත්; අවබෝධ නොකළ.
2. වි. අප්‍රකට; අප්‍රසිද්ධ.
අවිඥේය
වි. දැනගත නොහැකි; තේරුම් ගැනීමට නුපුළුවන්.
අවිතථ
වි. අසත්‍ය නොවන; සැබෑ.