සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 183

අවිතර

වි. අප්‍රමාණ; නොයෙක්.

අවිදග්ධ

වි. අත්දැකීම් නැති; පළපුරුද්දෙන් තොර; බොළඳ.

අවිද්‍යමාන

වි. නොපවන්නා; නොපෙනන.

අවිද්‍යාව

නා. නොදැනීම; චතුරාර්ය සත්‍යය නොදැනීම.

අවිදිත

වි. නොදන්නා ලද; අඥාත වූ; අවබෝධ නොකළ.

අවිදු

1. නා.ප්‍ර. නොදැනීම; අවිද්‍යාව.
2. නා.ප්‍ර. නූගතා; මෝඩයා.
3. නා.ප්‍ර. අසුර ලෝකය.

අවිදුර

වි. දුර නොවූ; ආසන්න.

අවිදුර දෘෂ්ටිකත්වය

1. නා. දුර නොපෙනීම; ළඟ පමණක් පෙනීම.
2. නා. බුද්ධි ශක්ති හීනතාවය; නුවණ මඳකම.

අවිනය

නා.ප්‍ර. විනීත බවින් තොරබව; නොහික්මීම.

අවිනයවාදියා

නා. විනයට විරුද්ධ මත ප්‍රකාශ කරන පුද්ගලයා.

අවිනශ්වර

වි. විනාශ විය නොහැකි; නැසිය නොහැකි.

අවිනෂ්ට

වි. විනාශ නොවූ; නොනැසුණු.

අවිනාභාවය

නා. වෙන් නොවී පැවතීම; වෙන් කළ නොහැකි සම්බන්ධය.

අවිනිබ්භෝග

වි. වෙන් වෙන් ව නොපවත්නා; සමඟ පවත්නා; වෙන් කළ නොහැකි.

අවිනිර්මුක්ත

වි. නොමිදුණු; තොර නොවූ.

අවිනිශ්චිත

වි. විනිශ්චය නොකළ; විසඳුමක් හෝ තීරණයක් නැති.

අවිනීත

වි. විනීත නොවන; නොහික්මුණු; අශිෂ්ට; ආචාර සම්පන්න නොවූ.

අවිපරීත

වි. විපරීත නොවූ; නොවෙනස් වූ; විරුද්ධ නොවූ.

අවිපරීත දර්ශනය

නා. නිවැරදි දෘෂ්ටිය; සම්‍යක් දර්ශනය.

අවිප්පවාසය

1. නා. වෙන් නොවී විසීම; අවිප්‍රවාසය.
2. (විනය.) නා. තුන් සිවුරෙන් ඈත් නොවීම.

අවිප්‍රයෝගය

නා. වෙන් නොවී පැවතීම; වෙන් නොවීම.

අවිභක්ත

වි. බෙදා නොදක්වන ලද; වෙන් නොකළ; විභාග නොකළ.

අවිභූත

වි. නොපැහැදිලි; අප්‍රකට.

අවිමුක්ත

වි. නොමිදුණු; නිදහස් නොවූ.