සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 184
අවිය
1. නා. ආයුධය; ශස්ත්‍රය.
2. නා. ඉර.
3. නා. කන්ද.
අවියත්
වි. අව්‍යක්ත; නූගත්; අඥාන.
අවියුක්ත
වි. වෙන් නොවූ; එකට බැඳුණු.
අවියො
නා.ප්‍ර. වියෝ නොවීම; වෙන් නොවීම; අවියෝගය.
අවියෝජනීය
(පාරිභා.) වි. වෙන් නොකළ හැකිසේ බැඳුණු (=integral).
අවිරක්ත
වි. විරක්ත නොවූ; ආශා සහිත; ඇලුණු.
අවිරල
1. වි. තුනී නොවූ; ඝන වූ; ගහන වූ.
2. වි. දුර්ලභ නොවූ; බහුල.
අවිරූළ්හි
වි. නොවැඩෙන; වර්ධනය නොවන.
අවිරෝධය
නා. විරුද්ධ නොවන බව; අනුකූලතාව; පටහැණි නොවීම.
අවිලඞ්ඝනීය
වි. උල්ලඞ්ඝනය නොකළ යුතු; නොඉක්මවිය හැකි.
අවිලම්බ
වි. ප්‍රමාද නැති; අප්‍රමාද; කඩිනම්.
අවිලයනීය
(පාරිභා.) වි. රත් කොට ද්‍රවයක් බවට පත් කළ නොහැකි (=infusible).
අවිලිප්ත
වි. නොතැවරුණු; නොගෑවුණු.
අවිලෝම
වි. අවිරුද්ධ; අවිපරීත.
අවිවර
වි. විවර හෙවත් හිදැස් නැති.
අවිවරදන්ත
නා.ප්‍ර. විවර නැති දත්; අතරෙහි හිදැස් නැති දත්; දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකකි.
අවිවාද
වි. විවාදයක් නැති; මතභේද රහිත.
අවිවාහක
වි. විවාහ නොවූ; කසාද නොබැඳි.
අවිවික්ත
වි. වෙන් නොවූ.
අවිවේක
වි. විවේක රහිත; කාර්ය බහුල.
අවිශද
වි. නොපැහැදිලි; හොඳින් නොපෙනෙන.
අවිශ්වාස
1. වි. විශ්වාස නැති; ඇදහිය නොහැකි.
2. වි. සැක කටයුතු.
අවිශ්රාන්ත
වි. විඩා නොවූ; නොකඩවා පවත්නා වූ.
අවිශිෂ්ට
වි. විශේෂයෙන් නොදක්වන ලද; විශේෂ නොවූ.