සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 185
අවිශුද්ධ
වි. පිරිසිදු නොවූ; අපිරිසිදු.
අවිෂය
වි. විෂයට හෙවත් ඉන්ද්රිය පථයට ගෝචර නොවන; අවබෝධ කළ නොහැකි.
අවිසංවාදය
නා. නොරැවටීම; සත්‍යවාදී බව.
අවිසද
1. වි. නොපැහැදිලි; අප්‍රකට; තීක්ෂ්ණ නොවූ.
2. වි. අපිරිසිදු.
අවිසරම
නා. ආයුධ සරඹය; ආයුධ ශිල්පය; ආයුධවලින් සටන් කිරීම.
අවිස්ඵාර
වි. කෘශ; කෙට්ටු.
අවිස්මෘත
වි. අමතක නුවූ.
අවිසිප්
නා.ප්‍ර. අවි ආයුධ භාවිතය උගන්වන ශිල්පය; ආයුධ ශිල්පය.
අවිහිංසක
වි. හිංසා පීඩා නොකරන; අහිංසක.
අවිහිත
වි. නොකළ; නියම නොකළ.
අවීචිය
නා. අට මහා නිරයන්ගෙන් එකක්; මහානිරය ලෙස ද හැඳින්වේ.
අවු අත්ත
නා. අවුවෙන් ආවරණය වීම සඳහා පෙර භාවිත උපකරණයක්; තල් අත්ත; අවුපත.
අවු කනවා
ක්‍රි. අවුවෙන් තැවෙනවා හෝ පීඩා විඳිනවා; අවුව වැදීමෙන් හානියට පත් වෙනවා.
අවු ගස්වනවා
ක්‍රි. අවුවෙන් වේළනවා.
අවුකාෂ්ටය
නා. ඉතා තද ඉර අවුව.
අවුණ
නා. වෙළඳ සල; සල්පිල; ආපණය.
අවුණුව
නා. ඔරුව; ද්‍රෝණිය.
අවුත්
පූර්ව.ක්‍රි. ආගමනය කොට; පැමිණ.
අවුන්සය
නා. රාත්තලෙන් දහසයෙන් කොටසක් වන බර ප්‍රමාණයක්.
අවුපත
1. නා. තල් අත්තෙන් කළ ආවරණය.
2. නා. තල් අත්තෙන් කළ වටාපත.
අවුර
නා.ප්‍ර. පවුර; ආවරණය; ප්‍රාකාරය.
අවුරුණු
නා.ප්‍ර. ඇවිරීම; වැසීම; වැළකීම; ආවරණය.
අවුරුණු වත්කම්
(පාරිභා.) නා. පහසුවෙන් මුදල් බවට පරිවර්තනය නොකළ හැකි වත්කම් (=frozen assets).
අවුරුද්ද
1. නා. දොළොස් මාසයක කාල පරිච්ඡේදය; සංවත්සරය; වර්ෂය.
2. නා. බක් සමයට අයත් ව අප්‍රේල් මාසයෙහි දෙවැනි සතියෙහි පැවැත්වෙන අලුත් අවුරුදු දිනය හා ඒ උත්සව කාලය.