සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 186

අවුල

1. නා. ආකූලය; පැටලිල්ල; අවුල් වීම.
2. නා. කලහය; ඩබරය.

අවුල්

1. වි. අවුලට පත්.
2. වි. ගැවසී ගත්; ගහන; වැසීගිය.

අවුල් ජාලය

නා. අවුල් දැල; බේරීමට බැරි තරම් අවුල; මහා පටලැවිල්ල.

අවුල් පවුල්

වි. අතිශයින් අවුල් වූ; ආකූල ව්‍යාකූල.

අවුල්පත්

නා.ප්‍ර. කැවිලි; කැඳ සුරා ආදිය රුචි කරවීම පිණිස ගන්නා කට ගැස්ම.

අවුල්පාස්

නා.ප්‍ර. දොර ජනෙල් උළුවහු ආදිය බිත්තියට හොඳින් සවිවීම පිණිස ගසන ඇණය (=holdfast).

අවුල්හර

1. නා. පපුව මත පලඳිනු ලබන අලංකාර ආභරණ විශේෂයක්.
2. නා. උඩරට නැට්ටුවන් ළය මත පලඳින ආභරණය.

අවුසදය

නා. ඖෂධය; බෙහෙත් ද්‍රව්‍යය; බෙහෙත.

අවුස්සනවා

1. ක්‍රි. වැසුණු යමක් හාරා මතු කරනවා.
2. ක්‍රි. පොලඹනවා.

අවුළනවා

1. ක්‍රි. දල්වනවා; මොළවනවා.
2. ක්‍රි. අමුණනවා; පුරුද්දනවා; පටලනවා.
3. ක්‍රි. බැඳගන්නවා; ආශා කරනවා.
4. ක්‍රි. ඇහිඳිනවා; එකතුකරනවා.

අවුළු

1. නා.ප්‍ර. රස කැවිලි; කට ගැස්ම.
2. නා.ප්‍ර. මාළු; සූපාදිය.

අවේක්ෂණය

1. නා. බැලීම; විමසා බැලීම; නැරඹීම.
2. නා. ඉතා පරීක්ෂාකාරීව සිටීම.

අවේදයිත

වි. නොවිඳිනා ලද; විඳීමක් නැති; විඳීමෙන් තොර.

අවේද්‍ය

වි. නොදත හැකි; අවබෝධ කිරීමට දුෂ්කර වූ.

අවේර

වි. වෛර නැති; මිත්‍ර.

අවේලාව

නා. නොනිසි කාලය; නුසුදුසු අවස්ථාව.

අවෛරී

වි. වෛරයෙන් තොර; ද්වේෂ සහගත නොවූ.

අශක්‍ය

වි. නොහැකි; නුපුළුවන්; අසමර්ථ.

අශඞ්ක

වි. සැක නැති; නිසැක.

අශන

1. නා.ප්‍ර. ආහාරය; භෝජනය.
2. නා.ප්‍ර. අනුභව කිරීම; වැළඳීම.

අශනිපාතය

නා. අකුණු පාත්වීම; හෙණ ගැසීම.

අශනිය

නා. හෙණය; අකුණ.

අශ්මරි

නා.ප්‍ර. මූත්‍ර බොක්කේ හටගන්නා ගල්; මූත්‍රගල්; එයින් හටගැනෙන රෝගය; මූත්‍රරෝධය.

අශ්මසාර

1. නා.ප්‍ර. යකඩ.
2. නා.ප්‍ර. රසාඤ්ජන.