සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 187

අශ්ලීල

වි. ශිෂ්ටත්වයෙන් තොර; ග්‍රාම්‍ය.

අශ්ව කෝච්චිය

නා. අසුන් යොදවා ගමන් කරවූ රෝද හතරක් ඇති රථය.

අශ්ව පෝතකයා

නා. අස් පැටවා.

අශ්ව බලය

(පාරිභා.) නා. යන්ත්‍රයක කාර්යය කිරීමේ ශීඝ්‍රතාව මනින මිනුමක්.

අශ්ව මණ්ඩලය

නා. තරගයට අසුන් දුවවන භූමිය; අශ්ව රේස් පිට්ටනිය.

අශ්ව මේධය

නා. රජකුගේ යසශ්‍රීය අපේක්ෂාවෙන් අශ්වයකු බිලි දීම ප්‍රධාන කොට ඇති පුරාණ ඉන්දියානු යාගය.

අශ්ව යානය

නා. අශ්වයකු යොදාගත් වාහනය; අශ්ව රථය.

අශ්ව රාජයා

නා. අසුන්ගේ රජකු වැනි අශ්වයා; උතුම් අශ්වයා.

අශ්ව ලාඩම

නා. අශ්ව කුර ආරක්ෂා කිරීම පිණිස එහි යටින් සවි කරන අර්ධකවාකාර යකඩ පතුර.

අශ්ව සේනාව

නා. අස් බළඇණිය; අශ්වාරෝහක හමුදාව.

අශ්වතරයා

1. නා. කොටළුවකුට දාව වෙළඹක කුස උපන් දෙමුහුන් සතා.
2. නා. උසස් වර්ගයේ තරුණ අශ්වයා.

අශ්වදමකයා

නා. අශ්වයන් දමනය කරන්නා; අශ්වයන් පුරුදු කරන්නා; අශ්වාචාර්යයා.

අශ්වදම්‍ය සාරථියා

නා. හික්මවිය යුතු අසුන් දමනය කරන්නා හෙවත් හික්මවන්නා; අශ්වාචාර්යයා.

අශ්වපාලයා

නා. අස්ගොව්වා; කුදිරකාරයා.

අශ්වයා

නා. දිග පාද, කුර සහ කේශර සහිත වූ ද, බර ඇදීමේත් දිවීමේත් විශේෂ ශක්තියෙන් යුක්ත වූ ද ක්ෂිරපායී සිවුපාවා; තුරඟා.

අශ්වරේස්

නා.ප්‍ර. තරගයට අසුන් ධාවනය කරවීම; තුරඟතරග.

අශ්වව්‍රත

නා.ප්‍ර. අසකු සේ හැසිරීමේ තපස් ක්‍රියාව.

අශ්වාචාරියා

1. නා. අසුන් හික්මවන්නා; දක්ෂ ලෙස අසුන් පිට යන්නා; අශ්වාරෝහකයා.
2. නා. (ප්‍ර. යෙදේ) අසුන් වෙළඳාම් කරන්නා; අස් වෙළෙන්දා.

අශ්වාභරණය

නා. අශ්වයකුට පලඳවන අලංකාර ඇඳුම් පැලඳුම්; අශ්වාලඞ්කාරය.

අශ්වාරූඪ

වි. අසකු පිට නැඟි.

අශ්වාරෝහ

නා.ප්‍ර. අසුපිට යන්නා; අසරුවා; අසු පිට නැඟි භටයා.

අශ්වාරෝහණය

නා. සූසැට කලාවෙන් එකක් වන අසුන් පිට යෑම.

අශ්වාරෝහී

වි. අසකු පිට නැඟි.

අශ්වින්

නා.ප්‍ර. සූර්ය උදාවට පළමු ලොවට ආලෝකය ගෙනෙන සූර්යයාගේ රියැදුරන් ලෙස ද සැලකෙන වෛදික දෙවිවරු දෙදෙනා.