සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 188
අශ්විනී
නා.ප්‍ර. පළමුවන නැකත හෙවත් අස්විද නැකත.
අශ්රවණීය
වි. ශ්‍රවණයට නුසුදුසු; ඇසීමට නොරිසි.
අශ්රව්ය
1. වි. නෑසෙන.
2. වි. ඇසීමට ප්‍රිය නැති; කනට අමිහිරි.
අශ්රාන්ත
වි. විඩාවට නොපත්; නොවෙහෙසුණ.
අශ්‍රැ
නා.ප්‍ර. කඳුළු; බාෂ්ප.
අශ්‍රැ ග්‍රන්ථිය
නා. ඇස සේදී දූලි ඉවත්වනු පිණිස කඳුළු ස්රාවය වන ඇසේ පිටි කොන අසල ඇති ග්‍රන්ථිය (=lachrymal gland).
අශ්‍රැ මුඛය
නා. කඳුළු පිරි මුහුණ.
අශ්‍රැත
1. වි. නොඅසන ලද; නොඇසූ.
2. වි. නූගත්; ශිල්ප ශාස්ත්‍ර නොදත්.
අශ්රැධාරාව
නා. කඳුළු ගැලීම; අශ්‍රැ ප්‍රවාහය.
අශ්රැපාතනය
නා. කඳුළු වැගිරවීම (හැඬවීම සඳහාද යෙදේ).
අශ්රැපීඨාස්ථිය
නා. ඇසේ කඳුළු එකතු වන කෝෂය පිටුපස පිහිටා තිබෙන ඇටය.
අශ්‍රීක
1. වි. අවාසනාවන්ත; අභාග්‍යසම්පන්න.
2. වි. පහත්; අධම.
අශ්රේෂ්ඨචරියාව
නා. මෛථුන සේවනය; මෙවුන්දමෙහි හැසිරීම.
අශාශ්වත
වි. සදාකාලික නොවූ; නිත්‍ය නොවූ.
අශාස්ත්‍රීය
වි. ශාස්ත්‍ර නියමයට එකඟ නොවූ; ශාස්ත්‍රානුකූල නොවන.
අශික්ෂිත
වි. ශික්ෂණයක් නොලත්; නොදැමුණු; නොහික්මුණු; අශිෂ්ට.
අශිථිල
වි. ලිහිල් නොවූ; ස්ථිර.
අශිෂ්ට
වි. ශිෂ්ට නොවූ; නොහික්මුණු; අවිනීත; අශීලාචාර.
අශුචි
1. නා.ප්‍ර. අපවිත්‍ර දෙය; කැතකුණු.
2. නා.ප්‍ර. වර්චස්; ගූථ.
අශුද්ධ
1. වි. ශුද්ධ නැති; අපිරිසිදු; අපවිත්‍ර .
2. වි. වැරදි සහිත; දෝෂ සහිත.
අශුද්ධිය
1. නා. අපිරිසිදු බව; අපවිත්‍රතාව.
2. නා. මාස් ශුද්ධිය නොවීම; ඍතු ලෙය පහ නොවීම.
අශුභ
1. වි. ප්‍රසාද ජනක නොවූ; පිළිකුල් සහගත.
2. වි. අයහපත්; අනිෂ්ට; විපත්තිදායක.
අශුභලකුණු
1. නා.ප්‍ර. විපත්තිකර ලක්ෂණ; අයහපත් වෙන ලකුණු.
2. නා.ප්‍ර. පිළිකුල් ස්වභාවය.
අශූන්‍ය
වි. හිස් නොවූ; තුච්ඡ නොවූ.