සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1889

හයිඩ්රජන් හරණය

(පාරිභා.) නා. හයිඩ්රජන් ඉවත් කිරීම ; ජලවායුව ඉවත් කිරීම.

හයිඩ්රජනීකරණය

නා. නිකල් හෝ පැලේඩියම් හෝ උත්ප්‍රේරකය ඇති විට, තෙලක් හයිඩ්‍රජන් සමග සංයෝජනය කරවීම.

හයිඩ්රාවා

නා. කපා දමන කැබලිවලින් ඉතා ශීඝ්‍රයෙන් බෝවීමේ ශක්තිය ඇති මිරිදිය ජීවියෙක්.

හයිඩ්රොක්ලෝරික් අම්ලය

(පාරිභා.) නා. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් වායුවේ ජලීය ද්‍රාවණයක්.

හයිඩ්රොක්සයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. භාස්මික ඔක්සයිඩ් ජලය සමඟ සාදන සංයෝගයක්.

හයිඩ්රොක්සයිල් ඇමින්

(පාරිභා.) නා.ප්‍ර. හයිඩ්රොක්සිල් ඇමිනයෙහි හයිඩ්රජන් පරමාණු ඇල්කිල් සමූහවලින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් ලැබෙන සංයෝග වූ පුපුරණ සුලු අව-ද්‍රාවක සුදු ස්ඵටික.

හයිඩ්රොක්සිල්

(පාරිභා.) නා.ප්‍ර. (රසා.) ඒකාබද්ධ වූ හයිඩ්රජන් පරමාණුවකින් හා ඔක්සිජන් පරමාණුවකින් සෑදුණ ඒකසංයුජ සමූහයක්.

හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. ජලයෙහි ද්‍රාවණය වී හයිඩ්‍රොක්ලෝරින් අම්ලය සාදන වර්ණයක් රහිත වායුව.

හයිඩ්‍රයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. (රසා.) මූල ද්‍රව්‍යයක් සමඟ හයිඩ්රජන් සංයෝජනය වීමෙන් ලැබෙන සංයෝගයක්.

හයිඩ්‍රසොයික් අම්ලය

(පාරිභා.) නා. ජලීය ද්‍රාවණය, ප්‍රබල ලෝහයකින් හෝ ධන ඛණ්ඩයකින් හෝ ප්‍රතිස්ථාපනය කළ හැකි හයිඩ්‍රජන් පරමාණු එකක් පමණක් තිබෙන අම්ලය.

හයිඩ්‍රොක්සෝනියම් අයනය

(පාරිභා.) නා. ස්ඵටික ජලය සහිතව සාමාන්‍යයෙන් පවත්නා හයිඩ්රජන් අයනය.

හයිඩ්‍රොකාබන්

(පාරිභා.) නා.ප්‍ර. (රසා.) අණුවෙහි හයිඩ්රජන් හා කාබන් පමණක් තිබෙන කාබනික සංයෝග.

හයිඩ්‍රොකැෆලය

(පාරිභා.) නා. මස්තිෂ්ක කෝෂිකා තුළ අසාමාන්‍ය ලෙස මස්තිෂ්ක සුෂුම්නා තරලය රැස් වී ඒවා විශාල වීම.

හයිඩ්‍රොජෙලය

(පාරිභා.) නා. ද්‍රව සංඝටකය වශයෙන් ජලයේ තිබෙන ජල්ලි වැනි ද්‍රව්‍යය.

හයිඩ්‍රොෆයිට්

(පාරිභා.) නා.ප්‍ර. තෙතමන බහුල ස්ථානවල හොඳින් වැඩෙන ශාකය නොහොත් පැළෑටිය ; දියෙහි හටගන්නා ශාකය ; ජලජීවී පැළෑටිය.

හයිඩ්‍රෝන්

(පාරිභා.) නා.ප්‍ර. ජලය වැදුන විට හයිඩ්රජන් මෝචනය කරන සෝඩියම් හා ඊයම් මිශ්‍ර ලෝහයක්.

හයිඩැටිඩ් කෝෂ්ටය

(පාරිභා.) නා. ඇතැම් පටපනු කීටයන් විසින් සාදනු ලබන කෝෂ්ටයක්.

හයිපොතැලමස

නා. මැද මොළයේ කොටසක්.

හයිය

වි. සවි ඇති ; ශක්තිමත් ; නොකැඩෙන.
1. නා. ශක්තිය ; සවිය ; බලවත්බව ; නොකැඩෙන බව.
2. තද බව ; බුරුල් නොවන බව.

හයිරම

(කථා.) නා. 1. හිඟපාඩුකම ; දුප්පත්කම ; දිළිඳුකම.
2. කරදරය ; බාධාව.

හයිලම

නා. ලපය.

හර

1. නා.ප්‍ර. රෝදයක ගරාදිය ; අරය.
2. හරය.
3. ඊශ්වර දෙවි.
4. මුතුපට ; මුතුමාලය.
5. පුරාණ වාද්‍ය භාණ්ඩයක්.
6. අටදික්පති ; අටදිග හිමි දෙවියන්ට ව්‍යවහාර කරන නාමයක්.

හර කරනවා

ක්‍රි. ගිණුමකින් ගෙවීමක් කර ඒ බව එම ගිණුමෙහි සටහන් කර තබනවා.

හර ශේෂය

නා. ගිණුමකින් මුදලක් අඩු කළ විට ඉතිරි වන ප්‍රමාණය.