සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1890

හරක් ගාල

නා. ගවයන් කොටු කර තබන තැන ; ගව ගාල ; ගොවුද.

හරක් බාන

නා. ගවයන් දෙදෙනා ; හරකුන් දෙදෙනා.

හරගිර

නා. ඊශ්වර දෙවියන්ගේ වාසභවනය ලෙස සැලකෙන පර්වතය ; කෛලාශ කූටය.

හරඟන

නා. ඊශ්වර දෙවියන්ගේ භාර්යාව ; උමා දේවිය.

හරට්ටුව

(කථා.) නා. කරදරය ; හිරිහැරය.

හරණ

1. නා.ප්‍ර. උපමාව ; සාදෘශ්‍යය.
2. කැලෑව ; අරණ ; වනය.

හරතුරු

නා.ප්‍ර. අරටුව ඇති ගස් ; හර ඇති වෘක්ෂ.

හරනවා

1. ක්‍රි. ඉදිරියට පමුණුවනවා ; එළවනවා ; විදහා දක්වනවා.
2. යවනවා ; පිටත්කොට හරිනවා.
3. ඉවත් කරනවා ; පැත්තකට කරනවා ; වෙන් කරනවා.
4. විවෘත කරනවා.
5. පිනනවා ; ප්‍රමෝද කරනවා.

හරනෙල් කටුව

නා. කොණ්ඩය බැඳ නොලිහෙන පරිදි සිටීමට ගසන කටුව.

හරඹය

නා. (කඩු) ආදියෙන් යුද කිරීම ; සටන් කරන අයුරු දැක්වීම.

හරය

1. නා. ගසක කඳේ මේරූ මැද කොටස.
2. යම් දෙයක වැදගත් කොටස ; සාරය.
3. (පාරිභා.) අභ්‍යන්තර කොටස මදය.

හරවනවා

1. ක්‍රි. (යමක්) යොමු වී ඇති පැත්තෙන් වෙනත් පැත්තකට යොමු කරනවා ; පැත්ත මාරු කරනවා.
2. බසකින් බසකට පෙරළනවා ; පරිවර්තනය කරනවා.
3. වෙනත් ආගමක් වැළඳ ගන්නට සලස්වනවා.

හරසරය

නා. ආදර ගෞරවය ; බහුමානය.

හරස්

1. වි. කෙළින් අතට නොවූ ; හරහට වූ ; තිරස්.
2. (පාරිභා.) ඇල ; හුලස්.
3. විරුද්ධ.

හරස් අක්ෂය

(පාරිභා.) නා. 1. ක්ෂිතිජයට සමාන්තර ව විහිදෙන සේ සැලකෙන රේඛාව ; තිරස් අක්ෂය.
2. ගණිත ප්‍රස්තාර ඇඳීමේ දී හරස් අතට අඳින ප්‍රධාන රේඛාව.

හරස් අත

නා. (පාරිභා.) දික් අතට සෘජුකෝණික වූ පැත්ත ; දික් අත නොවූව ; රෙදි ආදියේ හරස් පැත්ත.

හරස් ආවාරය

නා. කුහර දෙකක් අතර වූ හෝ පටක සමූහයක් වෙන් කරන්නා වූ තිරස් පටලය හෙවත් සිවිය.

හරස් ඉර

නා. යම් පෘෂ්ඨයක හරස් අතට අඳින ලද රේඛාව.

හරස් ඉල්ලීම

(පාරිභා.) නා. (නීති.) එක් ඉල්ලීමකට විරුද්ධව ඉදිරිපත් කරන ඉල්ලීම ; වග උත්තරකරුගේ ඉල්ලීම.

හරස් උත්තර

නා.බහු. උසාවියේ දී මූලික සාක්‍ෂ්‍ය දීමෙන් පසු සාක්‍ෂ්‍යකරුගෙන් අසන හරස් ප්‍රශ්නවලට පිළිතුරු.

හරස් කටුව

නා. ලෝහ හා ලාක්ෂා කර්මාන්තවල දී භාවිතයට ගන්නා උපකරණයක්.

හරස් කපනවා

1. ක්‍රි. හරහට කපනවා.
2. විරුද්ධ වෙනවා ; බාධා කරනවා.

හරස් කියත

නා. මඳක් පහතට වක් වූ දාරයක් ඇති අත් කියත.

හරස් තලය

(පාරිභා.) නා. ක්ෂිතිජයට සමාන්තරව පිහිටි තලය ; ක්ෂිතිජ තලය.