සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1891

හරස් දොර

නා.ප්‍ර. (කථා.) ගෙයි පිටුපස පිහිටි දොර ; පෑළදොර.

හරස් නූල

නා. හරස් අතට වැටුණු නූල.

හරස් පරාල

නා.ප්‍ර. වහලක යටලීයට උඩින් හරස් අතට සවිකරන පරාලය.

හරස් ප්‍රක්ෂේපණය

නා. එක් තලයක්, එය ඉදිරියෙහි සිට බැලූ විට පෙනෙන අයුරින් සෘජු කෝණාකාරව නියමිත දිග පළලින් යුක්තව ඇඳීම.

හරස් ප්‍රශ්න

නා.බහු. නඩු විභාගයක දී සාක්‍ෂ්‍ය දීමකට පසු ව අසන ප්‍රශ්න ; කෝන්තර.

හරස් රේඛාව

(පාරිභා.) නා. හරස් ඉර ; කිසියම් පෘෂ්ඨයක හරස් අතට අඳින ලද රේඛාව.

හරස් හිරි වියමන

නා. අල්ලියක තිබෙන දික් නූල්වලින් වැඩි ගණනක් යට කරගෙන හරස් නූල් මතු වී පෙනෙන සේ කර ඇති වියමන.

හරස්කඩය

නා. හරස් අතට කැපූ කොටස ; හරස් කැපුම.

හරසුර

නා.ප්‍ර. ඊශ්වර දෙවි.

හරහා

ක්‍රි.වි. මාර්ගයෙන් ; මැදින් ; හරස් අතට.

හර්තාලය

නා. පරිපාලන, කර්මාන්ත ආදී මහජන සම්බන්ධතා ඇති ආයතනවල ඇතැම් ප්‍රතිපත්තිවලට විරෝධය පළ කිරීම පිණිස පෙළපාලි ආදියෙහි යෙදීම.

හර්නියා

නා.ප්‍ර. අණ්ඩ කෝෂයෙහි වාතාබාධයක්.

හර්පීසය

නා. ශරීරයේ බිබිලි දැමීම ; දාහය ආදිය ලක්ෂණ කොට ඇති දරුණු චර්ම රෝගයක් ; විසර්පය.

හර්ම්‍යතලය

නා. උඩුමහලේ එළියට නෙරා ඇති කොටස ; සඳැල්ල ; සඳලුතලය.

හර්මිකාව

1. නා. පුරාණ ස්තූප ගර්භයක මුදුනෙහි ගල් ගරාදි වැටකින් වට වූ සිවුරැස් පීඨය.
2. වඩා නූතන ස්තූපවල ගර්භ මුදුනෙහි පවතින හතරැස් කොටුව.

හර්මෝනියම්

නා.ප්‍ර. විශේෂයෙන් ගීතිකා කීමත් සමඟ සැහැල්ලු අවස්ථාවල දී ඕර්ගන් නම් තූර්ය භාණ්ඩය වෙනුවට වාදනය කිරීම සඳහා භාවිත කෙරෙන අතින් ගෙන යා හැකි වායු ධාරා විවිධ නළ තුළින් නෙරපා යැවීමෙන් ස්වර නැංවිය හැකි තූර්ය භාණ්ඩයක්.

හර්ෂණය

නා. සතුට ; සතුටු වීම.

හර්ෂය

1. නා. සතුට ; සන්තෝෂය ; ප්‍රීතිය ; සුඛය.
2. සිනාව ; හාසය ; හාස්‍යය.
3. වේදනාව දැනීම ; රිදීම.

හර්ෂෝන්මාදය

නා. උමතුවෙන් මෙන් සිනාසීම ; අධික සතුට දරාගත නොහැකිවීම නිසා ඇතිවන සිනාව.

හරාත්මක

(පාරිභා.) වි. 1. (ගණිත.) පරස්පරයන් සමාන්තර ශ්‍රේණියක තිබෙන රාශි පිළිබඳ.
2. (සංගී.) එකට ගැළපෙන ධ්වනි මාලාවක් එකවිට නාදවන.

හරාව

1. නා. මුහුදේ රැළ අඩුව පවතින කාලය ; මාලු වාරය.
2. අස්වැන්න කපාගන්නා කාලය.

හරි

1. නා.ප්‍ර. රන් ; රත්තරන් ; ස්වර්ණ.
2. විෂ්ණු දේවයා.
3. ශක්‍ර දේවයා.
4. යම රජ.
5. චන්ද්‍රයා.
6. සිංහයා.
7. රිළවා.
8. වඳුරා.
9. වාතය.
10. ප්‍රමාණ.
11. සූර්යයා.
12. නිල් පැහැය.
13. ශිව දෙවියා.
14. අශ්වයා.
වි. සැබෑ ; නියම ; නිවරද.

හරි අඩ

නා.ප්‍ර. නිවැරදි ව දෙකට බෙදන ලද්දකින් එක කොටස ; සම භාගය ; අර්ධය.

හරි අඳය

නා. ගොවියා හා බිම් හිමියා අස්වැන්න සම සම ව බෙදා ගැනීමේ ක්‍රමය.