සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1892
හරි අල්ලනවා
ක්‍රි. (කථා.) සණ්ඩු දබර වෙනවා ; පොර අල්ලනවා.
හරි ගැහෙනවා
1. ක්‍රි. සූදානම් වෙනවා ; පිළියෙල වෙනවා ; ලෑස්ති වෙනවා.
2. ආසනයක් මත, පහසුව ඇති කරන ආකාරයෙන් වාඩි වෙනවා.
හරි චන්දන
1. නා.ප්‍ර. තව්තිසා දෙව්ලොව ඇතැයි කියන දිව්‍ය වෘක්ෂ පහෙන් එකක නාමය.
2. අධික සුවඳින් යුතු රන්වන් පැහැ ඇති සඳුන් වර්ගය.
3. සුදු හඳුන්.
4. කොකුම්.
හරි ජන
නා.ප්‍ර. ඉන්දියාවේ ශුද්‍ර කුලයට ව්‍යවහාර වන අපර නාමය.
හරි දින
නා.ප්‍ර. එකොළොස්වක හා දොළොස්වක දිනයන්හි ප්‍රථම පාදය.
හරි යනවා
1. ක්‍රි. අතමිට සරු වෙනවා ; වාසි වෙනවා ; දියුණු වෙනවා.
2. (යමක්) සාර්ථක වෙනවා ; ඉටුවෙනවා.
3. සැසඳෙනවා ; ගැළපෙනවා.
හරිකේන්
නා.ප්‍ර. චණ්ඩ කුණාටුව.
හරිගස්සනවා
1. ක්‍රි. හදනවා ; සකස් කරනවා ; තනනවා ; සාදනවා.
2. වැරැදි වූවක් නිවැරදි කරනවා ; සංශෝධනය කරනවා.
හරිණ
1. නා.ප්‍ර. මුවා.
2. සුදුමැලි පැහැය.
හරිණ ලෝචනා
නා.ප්‍ර. මුව දෙනක බඳු ඇස් ඇත්තිය ; ඉතා රූමත් කාන්තාව.
හරිත
නා.ප්‍ර. නිල් සහ කහ මුසුවීමෙන් සෑදෙන කොළ පැහැය.
හරිත ඇල්ගී
(පාරිභා.) නා.ප්‍ර. කොළ පැහැති ජලජ ශාක විශේෂයක්.
හරිතක්ෂය
නා.ප්‍ර. ශාක පත්‍රවල පවතින කොළ පැහැය අඩුවීම.
හරිතක්ෂීණා
(පාරිභා.) නා.ප්‍ර. කොළපාට වර්ණකය අඩු පත්‍ර සහිත ශාක.
හරිතප්රද
නා.ප්‍ර. පැළෑටිවල කොළ පැහැය හෙවත් හරිත වර්ණය ලබාදෙන ද්‍රව්‍යය.
හරිතවර්ණ
වි. කොළ පැහැයෙන් යුත් ; කොළ පාට ඇති.
හරිතවායුව
නා. වායුමය මූල ද්‍රව්‍යයක නාමය ; ක්ලෝරීන්.
හරිතස්ථාපය
නා. පලාවන් වූ තැන ; තණකොළ වැඩුණු බිම.
හරිතාශ්ව
නා.ප්‍ර. සූර්යයා.
හරිතුරඟ
නා.ප්‍ර. ශක්‍රයා.
හරිද්‍ර
නා.ප්‍ර. රත්රන් ; ස්වර්ණ.
හරිනවා
1. ක්‍රි. දුරු කරනවා ; ප්‍රතික්ෂේප කරනවා ; ඉවත් කරනවා.
2. යවනවා ; ගෙනයනවා.
3. අතරින් යවනවා ; රිංගවනවා.
4. (වසා තිබූ දොරපියන් ආදියක්) අරිනවා ; විවෘත කරනවා.
5. මුදා යවනවා ; අත් හරිනවා.
හරිඳු
නා.ප්‍ර. සිංහයා.
හරිබරි ගැහෙනවා
ක්‍රි. (කථා.) මනා ලෙස සූදානම් වෙනවා ; ලකලෑස්ති වෙනවා.