සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1893

හරිය

1. නා. කොටස ; ප්‍රමාණය ; තරම.
2. ප්‍රදේශය.
3. හානිය ; හදිය ; ඇබැද්දිය.
4. කාල පරිච්ඡේදය ; දළ කාල සීමාව.
5. අසල ; සමීපය.
6. සිද්ධිය ; තොරතුරු ; ප්‍රවෘත්තිය.

හරියාකාර

ක්‍රි.වි. වැරදි නොවන ලෙස ; නිවැරදි පිළිවෙළට.

හරිලනවා

ක්‍රි. මුණ ගැහෙනවා ; හමුවෙනවා ; සලසනවා.

හරිසඳ

1. නා. විෂ්ණු දෙවිරද.
2. රත්සඳුන්.

හරිසය

නා. සතුට ; ප්‍රීතිය ; හර්ෂය.

හරිසීරු කරනවා

ක්‍රි. සකස් කර තබනවා ; සූදානම් කර තබනවා.

හරිහම්බ කරනවා

ක්‍රි. ධනය උපයනවා ; (වස්තුව) රැස් කරනවා.

හරිහර

නා.ප්‍ර. විෂ්ණු සහ ශිව ඒකාබද්ධ මූර්තිය.

හරීන්ද්‍ර

නා.ප්‍ර. සිංහ රාජයා ; මෘගේන්ද්‍රයා.

හරුපය

1. නා. වචනය.
2. තොරතුර ; පුවත.
3. අසභ්‍ය වචනය.

හරුබස්ස

නා. (කථා.) යමකු සන්තක සියලු වස්තුව.

හල

1. නා. ශාලාව.
2. නඟුල.
3. හල් අකුර.
4. කළාමැදිරියා.

හලංහෙප්පුව

නා. පත්තිනි දේවාලවල ඇති දේව ආභරණ බහා තබන පෙට්ටිය.

හලක්කුව

(කථා.) නා. පොල් අතු සෙවිලි කරන වහලේ තැනින් තැන දමන බැම්ම.

හලනවා

1. ක්‍රි. ආසක්ත වෙනවා ; සංසක්ත වෙනවා.
2. සැඟවෙනවා ; අතුරුදහන් වෙනවා.
3. කම්පිත වෙනවා.
4. පෙනේර, සැල්අඩි ආදි උපකරණ මගින් කුඩු වර්ග, වැලි ආදියේ කැට බේරනවා ; අපද්‍රව්‍ය වෙන්කරනවා.
5. වට්ටනවා ; විසුරුවනවා.
6. පිට කරනවා ; දුරු කරනවා ; හිස් කරනවා.

හලන්ත

වි. ස්වර අක්ෂරයකින් කෙළවර වන ; හල් අකුරකින් අවසන් වන.

හලඹ

නා.ප්‍ර. සලඹ ; නූපුරය.

හලඹ හැළිය

නා. හලඹ තැබීම සඳහා ගැනෙන කට ලොකු භාජනය.

හල්

1. නා.ප්‍ර. හල් අකුර ; ව්‍යංජනාක්ෂරය.
2. හල් ගස ; කුඩා ගෙය ; පැල.
3. කණමැදිරියා.
4. උල ; හුල.

හල්පතාක්කය

නා. ගෙයක පිටුපස ඉස්තෝප්පුව.

හල්මුතුමාල

නා.ප්‍ර. සූසැට ආභරණවලින් එකක්.

හලාහල

1. නා.ප්‍ර. බොහෝ දෙනකු එක විට නඟන මහත් ශබ්දය ; එක විට ඇති වන මහත් ඝෝෂාව ; කෝලාහලය.
2. ආයුර්වේදයෙහි සඳහන් පරිදි ස්පර්ශ වූ විගස දිවි නසන උග්‍ර විෂ වර්ගයක්.
3. විස සහිත ශාකයක්.

හලිද්දි

නා.ප්‍ර. කසාවන් පැහැය ; කහ පාට.

හලෙලුයා

නි. (ක්‍රිස්ති.) ගීතිකාවන්හි හා ස්තෝත්‍රයන්හි යෙදී ඇති දෙවියන් වහන්සේට ස්තුති ප්‍රකාශ කරන වචනයක් ; දෙවියන්ට ස්තෝත්‍ර වේවා යන අර්ථය.