සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1888

හමාර

1. නා.ප්‍ර. භාගය ; අර්ධය.
2. අවසන ; අවසානය.

හමිතල

නා.ප්‍ර. මහල් තලය ; ප්‍රාසාද තලය.

හමු

1. නා.ප්‍ර. ධාන්‍ය වර්ගයක නාමය ; අමු.
2. එම ධාන්‍ය වර්ගයේ ඇට.
3. හක්ගෙඩිය.
1. වි. නොවියළුණ ; අමු.
2. අවහිර වූ ; සම්බන්ධ වූ.

හමුඩු කරනවා

ක්‍රි. එකතු කරනවා ; එක්රැස් කරනවා.

හමුණනවා

ක්‍රි. (නූල් ආදියෙන්) එකටෙක සම්බන්ධ කරනවා ; (පබළු මල් ආදිය) ගොතනවා.

හමුදාව

1. නා. රාශිය ; සමූහය ; සමුදාය.
2. සේනාව ; යුද සේනාව.

හමුදොර

නා. ඉදිරිපස දොරටුව ; ඉස්සරහ දොර ; පැමිණි දොර ; ඉදිරි දොර.

හමුරන්

නා.ප්‍ර. ශුද්ධ නොකළ රන් ; අමුරන්.

හමුව

නා. ඉදිරිය ; අභිමුඛය ; සමුව.

හය පට්ටම

නා. කෝණ හයක් හා පාද හයක් ඇති සරල රූපය ; ෂඩ්කෝණාශ්‍රය.

හය පෙළ

නා. අස් බළඇණිය ; අශ්ව සේනාව.

හය මුතු

නා.ප්‍ර. අශ්ව රූපාකාර මුතු විශේෂයක්.

හය රිය

නා.ප්‍ර. අශ්ව කරත්තය ; අස්රිය.

හයනවා

1. ක්‍රි. ඉවතට අදිනවා ; අයනවා.
2. විදහනවා ; විවෘත කරනවා.

හයි හත්තිය

(කථා.) නා. සවි ශක්තිය.

හයිකාරයා

(කථා.) නා. 1. ශක්තිමත් තැනැත්තා ; වීරියවන්ත පුද්ගලයා.
2. මැරවරයා ; චණ්ඩියා.

හයිග්‍රොග්‍රාෆය

නා. වාතයෙහි තිබෙන තෙතමන ප්‍රමාණය මැන සකස් කරන උපකරණයෙන් සකස් කළ ප්‍රස්තාරය ; වාෂ්ප ප්‍රස්තාරය.

හයිග්‍රොමීටරය

නා. වාතයෙහි තිබෙන තෙතමන ප්‍රමාණය මැනීමේ උපකරණය ; ආර්ද්‍රතාමානය.

හයිඩ්රජනයිට්

නා.ප්‍ර. ඇලුමිනියම් රසදියෙහි ද්‍රාවණය කිරීමෙන් ලැබෙන මිශ්‍ර ලෝහයට ව්‍යවහාර වන වෙළඳ නාමය.

හයිඩ්රජන්

නා.ප්‍ර. ලෝහ අලෝහ යන දෙවර්ගයේ ම ගුණ සහිත සැහැල්ලුතම මූලද්‍රව්‍ය වන වායුව.

හයිඩ්රජන් අයඩයිඩ්

නා.ප්‍ර. හයිඩ්‍රජන් හා අයඩින් සංයෝග වී සෑදෙන රසායනික ද්‍රව්‍යය.

හයිඩ්රජන් පෙරොක්සයිඩ්

නා.ප්‍ර. හයිඩ්රජන් පරමාණු දෙකක් හා ඔක්සිජන් පරමාණු දෙකක් එක් වී සෑදුණු සංයෝගය.

හයිඩ්රජන් බන්ධනය

(පාරිභා.) නා. විද්‍යුත් ඍණ පරමාණු දෙකක් හයිඩ්රජන් පරමාණුවකට සම්බන්ධ වී එකී පරමාණු දෙක අතරේ හයිඩ්රජන් සේතුවක් සාදන්නා වූ බන්ධනය.

හයිඩ්රජන් සල්ෆයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. හයිඩ්රජන් හා සල්ෆර් මිශ්‍රවීමෙන් සෑදෙන සංයෝගය.