සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1887
හමදිනවා
ක්රි. කොසු, මුසුන් ආදියෙන් පිස දමනවා.
හමනනවා
(කථා.) ක්රි. 1. බණිනවා ; හරුප කියා බණිනවා.
2. සම්බන්ධ කරනවා ; එකතු කරනවා.
හමනවා
ක්රි. සුළඟ සුවඳ ආදිය අහසේ ඇදී යනවා.
හමස්
1. වි. මාස හයක් වූ ; මාස හයක් ගත ව ඇති.
2. පරණ ; කල්ගිය.
3. පලදාව අඩු ; නිසරු.
හමස් කෝණම
(කථා.) නා. ඉණට ගන්නා වස්ත්රය ; හිණිකඩ ; අමුඩ රෙද්ද.
හමස් ගහ
නා. කොස් වාරය ගෙවුණු පසු ගෙඩි හටගන්නා කොස්ගහ.
හමස් පෙට්ටිය
1. නා. කුණු දමන පෙට්ටිය ; කුණු කූඩය.
2. කිලිටි රෙදි ආදිය දමන පෙට්ටිය.
3. කලාතුරකින් ආපසු ගැනීම සඳහා යම් යම් දේ බහාලන පෙට්ටිය.
හමස් පෙට්ටියට දමනවා
ක්රි. යමක් කිරීම අතපසු කරනවා ; යමක් අතපසු කරනවා.
හමස්කඩය
(කථා.) නා. (දිරාගිය) ඉතා කිලිටි වූ රෙද්ද.
හමස්මර යෝගය
නා. (ජ්යෝති.) නක්ෂත්රයෙහි දැක්වෙන අශුභ යෝගයක්.
හම් අඩයාළම
නා. හරකුන්ගේ ඇගේ ගසන හංවඩුව ; හන්නිවරණය.
හම් අතකොළුව
නා. හම්වලින් කළ මිටි විශේෂයක්.
හම් මඩිය
නා. හමෙන් තැනූ කොපුවක් වැනි ආවරණය.
හම්නනවා
ක්රි. දරනවා ; දරා සිටිනවා ; උද්වහනය කරනවා ; ඉවසනවා ; උසුලනවා.
හම්පත්
නා.ප්ර. ලිවීම පිණිස පිළියෙල කළ එළු බැටළු ආදි සතුන්ගේ හම්.
හම්බන්
නා.ප්ර. ඔරු දෙකක් ගළපා සෑදූ යාත්රා විශේෂයක්.
වි. කීකරු ; මෙල්ල.
හම්බස්
(කථා උඩ.) නා.ප්ර. වාචාල කථා.
හම්බා
1. නා.ප්ර. වී විශේෂයක් ; එම වීවල සහල් ; සම්බා හාල්.
2. (කථා.) වී ; හාල්.
3. ගොවිතැනින් රජුට දෙනු ලැබූ කොටස.
4. කුඩා වසු පැටියා.
හම්බාව
(කථා.) නා. දැල් ඇදීම වැනි බොහෝ දෙනා එකතු වී කරන වැඩවලදී කියන සාමූහික කවිය.
හම්මනවා
1. ක්රි. එල්බෙනවා ; දරනවා ; උසුලනවා.
2. රුකුල් දෙනවා.
3. විඳ දරා ගන්නවා ; ඉවසා සිටිනවා.
4. බලාපොරොත්තු වෙනවා.
5. ප්රමාණවත් වෙනවා ; සෑහෙනවා.
6. නොනැමී කෙළින් සිටිනවා.
7. එල්ලී තිබෙනවා.
හම්මිය
නා.ප්ර. සඳලු සහිත ගෙය ; සඳලු මඩුල්ල ; ප්රාසාදය.
හමා බසිනවා
ක්රි. පැතිරෙනවා ; වහනය වෙනවා.
හමාදි කරනවා
ක්රි. ගිනි තබනවා ; භෂ්ම කරනවා.