සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1886
හපනා
නා. දක්ෂයා ; සමර්ථයා.
හපය
නා. විකා ඉස්ම උරා ගත් පසු ඉතුරු වන රොඩ්ඩ.
හප්පනවා
1. ක්‍රි. යමක් යමක වැදෙන්නට සලස්වනවා ; ඝට්ටනය කරනවා ; ගටනවා.
2. තරහ කරවනවා ; විරුද්ධ කරවනවා ; කෝලාහල කරවනවා.
හප්පලිහ
නා. හක්ගෙඩියක පැහැය ඇති පලිහ.
හපු කඳයා
(කථා.) නා. සැළලිහිණියා.
හපුටු
1. වි. හැකුළුණු ; ඇකිළී ගිය ; සංකුචිත.
2. කිලුටු ; කුණු තැවරුණ ; අපිරිසිදු ; අපවිත්‍ර.
3. ඊර්ෂ්‍යා සහගත ; මුඩු ගති ඇති.
4. පරණ, පිළුණු.
හපුටු ගඳ
(කථා.) නා.ප්‍ර. යම්කිසි දෙයකින් වහනය වන අප්‍රිය ගන්ධය.
හපුස්වනවා
1. ක්‍රි. පැළ වෙනවා ; ප්‍රරෝහණය කරනවා.
2. සන්තෝෂයට පත් වෙනවා ; සතුටු වෙනවා ; ප්‍රීති වෙනවා.
හබක
නා. වන සතුන් ඇල්ලීමට අටවන උගුල් විශේෂයක්.
හබඩ
1. නා. අස්ල ; සමීපය ; කිට්ටුව ; අසබඩ.
2. ගංගා කුඹුරු ආදියෙහි අද්දර ; අයින.
හබන් කුකුළා
නා. ශ්‍රී ලංකාවට ආවේණික වූ පක්ෂි විශේෂයක්.
හබය
නා. ආරවුල ; කෝලාහලය ; බහින්බස් වීම.
හබයාස් කෝර්පස් ආඥාව
නා. (නීති) රඳවාගෙන සිටීමේ නීත්‍යනුකූලතාව තීරණය කරනු පිණිස කෙනකු උසාවිය ඉදිරියට ගෙනෙන ලෙස කරන නියමය.
හබරල
නා.ප්‍ර. භූගත ගෝලාකාර මාංසල කඳක් ද අඩි දෙකකට වඩා විශාල කොළ ද සහිත අරාසේ කුලයට අයත් වු ශාකයක්.
හබරලියා
නා. කරදිය මත්ස්‍ය වර්ගයක්.
හබල
1. නා. ඔරු පාරු ආදිය පැදවීමට හෝ නැවැත්වීමට උපකාර කරගන්නා අත්ලීය.
2. ඔරු පාරු ආදිය පැදවීමට ගනු ලබන පැතැලි තලයක් ද, මිටක් ද සහිත අවයවය.
හබලපෙති
නා.බහු. වී තම්බා එහි ඇට තළා, වේලා සාදාගන්නා ආහාරය.
හබල්ගානවා
ක්‍රි. හබලෙන් ඔරුව පදිනවා.
හබළුව
නා. අබ ඇටයක පළුව ; අබ පියල්ල.
හබිසි
නා.ප්‍ර. ඉතියෝපියානු හෙවත් ඇබිසීනියානු පුද්ගලයා.
හම
1. නා. සම ; චර්මය.
2. කරණවෑමියා දැළිපිහිය මුවාත තැබීම සඳහා උපයෝගී කරගන්නා හම් පටිය.
3. (කථා.) මයිනහම.
හම ගසනවා
1. ක්‍රි. හම ඉවත් කරනවා ; හම අරිනවා ; හම ගලවනවා.
2. දැඩි ලෙස දඬුවම් කරනවා.
හම හැන්දෑව
නා. අඳුරු වැටීමට පෙර පවතින සැන්දෑ කාලය ; මළහිරු රැස් වැටෙන වේලාව ; පෙර සැන්දෑව.
හමණ
නා.ප්‍ර. ශ්‍රමණ ; භික්ෂුව.