සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1885
හනිනවා
ක්‍රි. හිසින් හෝ අඟින් හෝ දළින් හෝ උල් අවියකින් හෝ පහර දෙනවා.
හනිවර ගසනවා
ක්‍රි. ලකුණු ඔබ්බනවා ; ලකුණු තබනවා.
හනු ඇටය
නා. හනුවෙහි හෙවත් හක්කෙහි ඇටය.
හනු නිඛාතය
නා. ඵලක කෝටරය.
හනුක උපාංගය
(පාරිභා.) නා. කැරපොත්තාගේ මුඛය දෙපස යුගල ලෙස ඇති මුඛ කොටස්වලට අයත් වන ව්‍යුහ දෙකින් එකක් ; මැක්සිලාව.
හනුපාදික
නා.ප්‍ර. සන්ධිපාදිකයන්ගේ මුඛය පිටුපස තිබෙන උපාංගයක් ; උරස් ගාත්‍ර අතරින් පළමු යුගල තුන.
හනුපූට්ටුව
නා. හනු දෙක තදවීම ; කට අරින්නට බැරි වන සේ කටේ පේශි තද වීම.
හනුභ්රංශය
නා. හනුව ආශ්රිත වාත රෝගයක්.
හනුමන්
නා.ප්‍ර. රාවණාගේ ලංකාවේ ආක්රමණයේ දී රාමට උදව් කළ වානර සෙන්පතියා.
හනුමා වන්නම
නා. හනුමාගේ ගමන් විලාසය දැක්වෙන සේ ප්‍රබන්ධිත දහඅට වන්නම් අතුරින් එකක්.
හනුව
නා. හක්ක ; හකු ඇටය.
හඳ
නා. චන්ද්‍රයා ; සඳ.
හඳ ගල වැටෙනවා
(කථා.) ක්‍රි. හඳ බැස යනවා ; සඳ අවරගිරට යනවා.
හඳ රබහ
(කථා.) නා. 1. හඳ පායන්නට ප්‍රථම පහළ වන ආලෝකය.
2. මඳ චන්ද්රාලෝකය.
හඳපාන්ගල
නා. චන්ද්‍ර කාන්තිය වන විට දිය වැගිරෙන සේ පෙනෙන ශිලා වර්ගයක නාමය ; චන්ද්‍ර කාන්ත පාෂාණය.
හඳය
1. නා. අඳය කොටස.
2. පොලිය.
හඳුනනවා
ක්‍රි. ආශ්රයෙන් හෝ පළපුරුද්දෙන් දැනගෙන ඉන්නවා ; මනාව දන්නවා ; අඳුනනවා.
හඳුන්
1. නා.ප්‍ර. සඳුන්.
2. අඳුන්.
හඳුන් කූර
නා. දැල් වූ විට සුවඳ දුම් විහිදී යන සේ සුවඳ ආලේප ගල්වන ලද කූර ; සඳුන් කූර.
හඳුන් ගල
නා. සඳුන් උරච්චි කරන ගල.
හඳුන් දිවියා
නා. කාලවර්ණ දිවියා ; අඳුන් දිවියා.
හඳුන් මණ්ඩපය
නා. මහනුවර දළදා මාලිගයෙහි රන්රිදී ආභරණාදිය තැන්පත් කර ඇති කාමරය.
හඳුන්පත
නා. පපුව ; හෘදය වස්තුව ; හෘද ප්‍රදේශය.
හපනවා
ක්‍රි. විකනවා ; දත්වලින් සපනවා.