සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1884

හදිරම

1. නා. අතරමගදී හදිසියේ මුහුණදීමට සිදුවන උවදුර ; අන්තරාය.
2. අන්තරාය සහිත ස්ථානය.
3. හරකුන් යන මග.
4. කඩුල්ල.

හදිසි

1. වි. අහම්බෙන් සිදු වන, බලාපොරොත්තු නොවන.
2. නොපමා ව ඉටු කළ යුතු.

හදිසි අවස්ථාව

නා. රටේ සිවිල් පාලනය ව්‍යාකූලව පවතින අවස්ථාව.

හදිසි බලතල

නා.ප්‍ර. හදිසි නීතිය යටතේ පැවරෙන බලතල.

හදිසි මරණය

නා. බලාපොරොත්තු නැති අවස්ථාවක සිදු වන මරණය.

හදිසිය

1. නා. අහම්බෙන් වූ හෙවත් බලාපොරොත්තු නොවූ සිද්ධිය ; හදිසි අනතුර.
2. (පාරිභා.) හදිසි අවස්ථාව.

හන

නා. ලකුණ ; සලකුණ.

හන ගහනවා

ක්‍රි. හංවඩු ගහනවා බ.

හනනය

නා. නැසීම ; ඝාතනය.

හනනවා

ක්‍රි. කළවම් කරනවා ; මිශ්‍ර කරනවා ; අනනවා.

හනස්ස

1. නා. කැකුළු පොල්මල ආවරණය කරන කොපුව ; කොළපුව.
2. පොල් වල්ලක ගෙඩි හටගන්නා නාරටි සමූහයත් ඒවා ඈඳී පවතින ප්‍රධාන නට්ටත් සහිත අවයවය.

හන්දි කූටා

(කථා.) නා. මල් කෑදැත්තා නම් පක්ෂියා.

හන්දි තුවක්කු

නා.බහු. සිංහල යුද්ධ සේනාව සතු ව තිබූ පැරණි තුවක්කු වර්ගයක්.

හන්දි බේත්

නා.ප්‍ර. ශරීර ඇට කැඩුම් බිඳුම් වෙදකමට අයත් ඖෂධ.

හන්දි වෙදකම

නා. කැඩුම් බිඳුම් පිළිබඳ වෙදකම ; අස්ථි සන්ධානය පිළිබඳ වෛද්‍ය කර්මය.

හන්දි වෙදපොත

නා. කැඩුම් බිඳුම් වෙදකමට අදාළ වෛද්‍ය සංග්‍රහයක්.

හන්දිලෑල්ල

(කථා.) නා. කුරුඳු පොතු, කෙවිටක් මෙන් සිටීමට පුරුද්දා ගැනීමේ දී පාවිච්චි කරන කෝටුව.

හන්දුරු කුලය

නා. ගොවි කුලය.

හන්නස් රාළ

නා. සිංහල රාජ්‍යයේ ලේඛන පිළියෙල කළ නිලධාරියා.

හන්නැදි රාළ

(කථා.) නා.ප්‍ර. මසුන් මැරීමට දියඹ යන ඔරුවේ නියමුවා ; මරක්කලහ.

හන්නිවරණ

(කථා.) නා.ප්‍ර. හරකුන්ගේ ඇඟේ පුලුස්සනු ලබන ලකුණ ; අඩයාළම ; නිවරණ.

හන්පලන්

වි. හැඳි, පැළඳි ; අඳින ලද හා පළඳින ලද ; වස්ත්‍රවලින් හා ආභරණවලින් සැරසුණ.

හන්බාන

නා. කුඩා නැව.