සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 213
ආතපත්රය
නා. ඡත්රය; කුඩය.
ආතපය
නා. සූර්ය රශ්මිය; හිරු එළිය; හිරුරැස්.
ආතප්පය
නා. (අභි.) කෙලෙස් තවන වීර්යය; ආතාපය.
ආතම්මා
නා. මවගේ හෝ පියාගේ හෝ මව; ආච්චි; මිත්තණිය.
ආතරණය
නා. එතරට යෑම; එතෙර වීම.
ආතරයිටිස්
නා.ප්‍ර. සිරුරේ සන්ධිවල වේදනාව ගෙන දෙන රක්තවේද රෝග විශේෂයක්.
ආතර්පණය
නා. තෘප්තියට පත් කිරීම; සංසිඳුවීම.
ආත්තු කරනවා
(කථා.) ක්‍රි. ඇති දැඩි කරනවා; නඩත්තු කරනවා.
ආත්තු පාත්තුව
(කථා.) නා. සුදුසු පරිදි ආරක්ෂා කිරීම; රැක බලා ගැනීම; සාත්තු කිරීම.
ආත්තු වෙනවා
(කථා.) ක්‍රි. ජීවත් වෙනවා; නොමැරී සිටිනවා.
ආත්තුව
1. (කථා.) නා. පිහිට.
2. (කථා.) නා. නඩත්තුව.
3. (කථා.) නා. වටිනාකම; ආදායම.
4. (කථා.) නා. ආත්ම ගෞරවය පිළිබඳ හැඟීම; ලජ්ජාව.
ආත්ම ගර්වය
නා. අහංකාරය; තමා ගැන ඇති ආඩම්බරය.
ආත්ම ගෞරවය
නා. තමා ගරු තන්හි ලා සැලකීම; තමාගේ ගෞරවය.
ආත්ම තර්කණය
නා. තමාගේ ලොකුකම ගැන කල්පනා කිරීම.
ආත්ම තෘප්තිය
නා. සතුට; ගෞරව කරනු ලැබීමෙන්, පිළිගනු ලැබීමෙන් හෝ සාර්ථක යැයි හැඟීමෙක් ඇති කර ගැනීමෙන් සතුටු වීම.
ආත්ම දර්ශය
නා. කණ්ණාඩිය; කැටපත; දර්පණ තලය.
ආත්ම දානය
නා. ආත්ම පරිත්‍යාගය; දිවි පිදීම.
ආත්ම දෘෂ්ටිය
නා. ආත්මයක් ඇතැයි යන විශ්වාසය; ආත්මවාදය.
ආත්ම ධෝවනය
නා. (ක්‍රිස්ති.) ආත්ම ශුද්ධිය; පව් සමාව.
ආත්ම නිර්යාතනය
නා. ආත්මය පරිත්‍යාග කිරීම; තම ජීවිතය අන්‍යයාට පවරා දීම.
ආත්ම පරිත්‍යාගය
නා. තමාගේ සිරුර කැප කිරීම; ජීවිතය පූජා කිරීම.
ආත්ම පරිත්‍රාණය
නා. තමා රැකීම; දිවි රැකීම; ආත්මය ගලවා ගැනීම.
ආත්ම පරිතාපනය
නා. ශරීරය තැවීම; සිරුරට දුක්වීම; ආත්ම ක්ලමථය.
ආත්ම ප්රත්යවේක්ෂාව
නා. තමාගේ සිත පිරික්සීම; නුවණින් සලකා බැලීම.