සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 214
ආත්ම ලබ්ධිය
නා. ආත්මයක් පිළිබඳ විශ්වාසය; ආත්ම දෘෂ්ටිය.
ආත්ම ලාභය
1. නා. ජන්ම ලාභය.
2. නා. තම ප්රයෝජනය; පෞද්ගලික වාසිය.
ආත්ම වංචනය
නා. තමා ම රැවටීමට පත්වීම; තමා ම මුළා කර ගැනීම.
ආත්ම වධය
නා. ස්වකීය විනාශය; ආත්ම ඝාතනය.
ආත්ම වර්ණනාව
නා. තමා ගැන වර්ණනය; තමාට ම ප්රශංසා කරගැනීම.
ආත්ම විද්යාව
නා. ආත්මය පිළිබඳ දැනීම.
ආත්ම විනිපාතය
නා. ආත්ම විනාශය; තමා පහත වැටීම.
ආත්ම විශ්වාසය
නා. තමා කෙරෙහි වන විශ්වාසය.
ආත්ම ශක්තිය
නා. ස්වකීය බලය; තමාගේ දක්ෂතාව; තමාගේ එඩිය.
ආත්ම ශුද්ධිය
නා. ස්වකීය පිරිසිදු බව.
ආත්ම සංයමය
නා. තමා විසින් තමා ම හික්මවීම.
ආත්ම සංරක්ෂණය
නා. තමාගේ ආරක්ෂාව; ආත්මාරක්ෂාව.
ආත්ම සම්භාවනය
1. නා. තමා උසස් කොට සැලකීම.
2. නා. ආත්ම ගෞරවය.
ආත්ම සාත්ම්යය
නා. (ගනු ලබන ආහාරය) තමන්ට හිතකර බව නොහොත් තමන්ගේ ශරීර සැපයට හේතුවන බව.
ආත්මක
වි. ස්වරූපය හෝ ස්වභාවය ඇති; සමන්විත වූ; යුක්ත වූ.
ආත්මක්ෂම
වි. තමා විසින් දරාගත හැකි වූ; ඉවසිය හැකි වූ; ඔරොත්තු දෙන.
ආත්මකාමයා
නා. තමාගේ ම දියුණුව කැමැත්තා; තමාට හිත වැඩ කැමැත්තා.
ආත්මග්රහණය
නා. ආත්මවාදය පිළිබඳ විශ්වාසය; ආත්ම දෘෂ්ටිය.
ආත්මජ
වි. තමාගෙන් උපන්.
ආත්මඥයා
නා. තමා ගැන දන්නා තැනැත්තා.
ආත්මඥානය
නා. තමා ගැන දැනීම.
ආත්මන්ය
වි. ආත්මය හා සම්බන්ධ වූ; තමන් හා සම්බන්ධ වූ.
ආත්මනේ පදය
නා. (ව්යාක.) යම් ක්රියාවක ඵලය තමා හෙවත් කර්තෘ වෙත පමුණුවන්නා සේ දක්වන ක්රියා පදය.
ආත්මබන්ධු
නා.ප්ර. තමාගේ ඉතා කිට්ටු නෑයා; ලේ නෑයා.