සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 215
ආත්මභාවය
1. නා. යම් තැනක ලබන උපත.
2. නා. ස්වරූපය; දේහය; ශරීරය.
ආත්මභූ
වි. ඉබේ හටගත්; ඉබේ පවත්නා; ස්වයම්භූ.
ආත්මය
1. නා. යම් පුද්ගලයකුගේ මරණයේ දී විනාශ නොවී මෙම ලොවින් පරලොවට යන සේ ද, පරලොවින් මෙලොවට එන සේ ද විශ්වාස කරනු ලබන ද්රව්යමය උත්තරීතර අමරණීය හරය.
2. නා. ජීවාත්මය.
3. නා. තමා, මම යන පුද්ගලයා.
4. නා. පැවැත්ම; ජීවිතය.
5. නා. සිත; මනස.
6. නා. ආවේණික ගුණාංගය; විශේෂ ලක්ෂණය.
7. (ක්රිස්ති.) නා. ප්රාණය.
8. නා. උත්සාහය.
ආත්මයෝගය
නා. පරමාත්මය හා එකතු වීම.
ආත්මරූප
නා.ප්ර. (වෛද්ය.) (රෝගයක) දැනට පවත්නා තත්ත්වය; රෝග ස්වභාවය.
ආත්මසංඥා
නා.ප්ර. ආත්මයක් ඇතැයි යන හැඟීම.
ආත්මසමර්පණ
නා.ප්ර. තමා (දෙවියකුට) ඇප කැප වී සිටීම.
ආත්මසමාන
වි. ඉතා හිතවත්; ඉතා විශ්වාස.
ආත්මස්ථ
වි. තමා කෙරෙහි පිහිටි; තමා තුළ ඇති.
ආත්මස්වාමි
නා.ප්ර. තමා පිළිබඳ අධිපති; තමන් කෙරෙහි අධිපති.
ආත්මාත්මීය භාවය
නා. තමාය, තමා සතුය යන බව; මමය, මාගේය යන බව.
ආත්මාත්යය
නා.ප්ර. ස්වකීය මරණය.
ආත්මාධ්යාශය
නා. තමාගේ අභිප්රාය හෙවත් කැමැත්ත.
ආත්මාධිපති
වි. තමා අධිපති කොට හෙවත් උසස් කොට සලකන.
ආත්මාධීන
වි. තමාගේ වසඟයෙහි පවතින; තමාට අයත්.
ආත්මාන්වීක්ෂණය
නා. ආත්මය ගැන පරීක්ෂා කර බැලීම හෙවත් සෙවීම.
ආත්මානුභූතිය
නා. තම චිත්ත ස්වභාවය හැඳින ගැනීම.
ආත්මානුවාද
නා.ප්ර. තමා ම තමාට උපවාද කිරීම හෙවත් දෝෂාරෝපණය කිරීම.
ආත්මාරක්ෂාව
නා. තම ආරක්ෂාව; ස්වකීය ආරක්ෂාව.
ආත්මාර්ථකාමී
වි. තමාගේ ම යහපත හෙවත් අභිවෘද්ධිය කැමති; තමාගේ ම ලාභය සලකන.
ආත්මාර්ථය
නා. තමාගේ ම යහපත හෙවත් අභිවෘද්ධිය.
ආත්මිකාභිවෘද්ධිය
නා. (ක්රිස්ති.) ගුණයත් ඥානයත් වර්ධනය වීම.
ආත්මීභාවය
නා. පරමාත්මය සමඟ එක් වීම.
ආත්මෝත්කර්ෂණය
නා. තමා උසස් කොට සිතීම හෝ කීම.