සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 216
ආත්මෝදය
නා.ප්‍ර. තමාගේ අභිවෘද්ධිය සිද්ධ කර ගැනීමට උපකාර වන උපදෙස් ඇතුළත් කලාව; සූසැට කලා ශිල්පවලින් එකක්.
ආත්මෝපක්‍රම
[ආත්ම + උපක්‍රම]
නා.ප්‍ර. තමා විසින් ම ක්‍රියාත්මක කරනු ලබන උපක්‍රම හෝ ක්‍රියා මාර්ග.
ආත්මෝපකාරය
නා. තමන්ගේ වැඩ කටයුතු තමන් ම කර කියා ගැනීම.
ආත්මෝපනායික
[ආත්ම + උපනායික]
වි. තමා කෙරෙහි (නැති ගුණධර්ම) විද්‍යමාන බැව් පෙන්වන.
ආත්යන්තික
වි. නිරන්තර; අඛණ්ඩ; සදාකාලික.
ආත්යයික
වි. හදිසි; ඉක්මන්.
ආතා
1. (කථා.) නා. මවගේ හෝ පියාගේ හෝ පියා; මුත්තා.
2. නා. මවගේ හෝ පියාගේ හෝ මව; ආච්චි; මිත්තණිය.
ආතානාත්තුව
නා. තමා යටතට ගැනීම; බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම.
ආතාපනය
1. නා. ශරීරයට පීඩා දීම සඳහා හිරු දෙස බලා සිටීම.
2. නා. කෙලෙස් තැවීමේ වීර්යය.
ආතාපී
නා.ප්‍ර. (අභි.) කෙලෙස් තවන වීර්යයෙන් යුත් තැනැත්තා.
ආතාලය
(කථා.) නා. අන්තරීක්ෂයෙහි පිහිටි ලෝකය; පාතාලයට විරුද්ධ ව පවතින උත්තර ලෝකය.
ආතිථේය
නා.ප්‍ර. ආගන්තුක සත්කාරය.
ආතුර සැහැවියා
නා. රෝගී ස්වභාවය ඇති තැනැත්තා.
ආතුරයා
1. නා. රෝගී වූ හෙවත් ගිලන් වූ තැනැත්තා; රෝගියා; ලෙඩා.
2. නා. ශාන්තිකර්මයකදී ශාන්තිය ලැබීමට පෙනී සිටින තැනැත්තා.
ආතුරාශ්රමය
නා. ආතුර ආශ්‍රමය; රෝගීන්ට පිළියම් කරන තැන; රෝහල.
ආතෝද්‍ය
නා.ප්‍ර. තූර්ය භාණ්ඩය; වාද්‍ය භාණ්ඩය.
ආදත්ත
1. වි. ගන්නා ලද; ලැබුණු.
2. වි. පටන් ගත්; ආරම්භ කළ.
ආදරය
1. නා. ඇල්ම; ස්නේහය.
2. නා. ගෞරවය; බුහුමන; භක්තිය.
ආදර්ශ අත්සන
(පාරිභා.) නා. නිදර්ශනයක් වශයෙන් දෙනු ලබන අත්සන (=specimen signature).
ආදර්ශ ගෝලය
නා. පෘථිවියේ හැඩය දක්වන අයුරින් නිර්මිත අනුකෘතිය.
ආදර්ශ ඥානය
නා. කැඩපතකට බඳු පිරිසිදු නුවණ.
ආදර්ශ භිත්තිය
නා. කැටපත්මුවා බිත්තිය; කැටපත් බිත්තිය.
ආදර්ශ රූපය
නා. අනුරූපය; ආකෘතිය.
ආදර්ශකය
1. නා. කැඩපත; ආදර්ශ තලය; මුහුණ බලන කණ්ණාඩිය.
2. (පාරිභා.) (නීති.) නා. නිදර්ශකය (=specimen).