සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 217
ආදර්ශනය
(පාරිභා.) නා. යමක් කරුණු සහිතව ඔප්පු කර දැක්වීම; උදාහරණ කොට දක්වන දෙය.
ආදර්ශය
1. නා. කැඩපත; කන්නාඩිය.
2. නා. අනුරූපය; ආකෘතිය; නිදර්ශනය; ගුරුකමට හෝ පාඩමට ගත යුත්ත.
ආද්ය
වි. ප්‍රථම; මූලික.
ආද්‍යන්ත
1. නා.ප්‍ර. මුල සහ අග; ආරම්භය සහ අවසානය.
2. නා.ප්‍ර. සම්පූර්ණ දෙය; මුළුල්ල.
ආදාන කාලය
නා. සූර්යයා උත්තරායන ව ගමන් කරන සිසිර, වසන්ත සහ ශ්රීෂ්ම කාලය.
ආදානය
1. නා. ගැනීම; පැහැර ගැනීම.
2. නා. දැඩි ලෙස ගැනීම; ග්‍රහණය.
3. නා. යම්කිසි රෝගයකට හේතු වූ අන්නපානාදියෙහි ගුණ අගුණ දැන ගැනීම.
ආදායකය
1. (පාරිභා.) නා. ආසවනයේ දී ආසූතය සේ, යමක් එකතූ වන බඳුන හෙවත් ප්ලාස්කුව.
2. නා. රිසීවරය (=receiver).
ආදායම
නා. ගේ දොර, ඉඩකඩම්, වෙළඳ ව්‍යාපාර ආදියෙන් හෝ වේතන වශයෙන් හෝ ලැබෙන මුදල; අය.
ආදායම් පාලක
නා.ප්‍ර. ආණ්ඩුවට ලැබෙන ප්‍රධාන ආදායම් පාලනය කරන නිලධාරියා; කලින් ප්‍රාදේශීය උපදිසාපතිවරයා හැඳින්වූ නාමය.
ආදාහනය
1. නා. මළ සිරුරු දැවීම.
2. නා. සුසාන භූමිය.
ආදි
1. වි. ප්‍රථම; මුල්; පුරාණ.
2. වි. ප්රමුඛ; ප්‍රධාන කොට ඇති.
3. වි. මුල් කොට ඇති; ආරම්භ කොට ඇති.
ආදි කාරණය
නා. මුල් හේතුව; පූර්ව නිමිත්ත.
ආදි පුරුෂයා
නා. මී මුතු පරම්පරාවේ මුල් තැනැත්තා.
ආදි මානවයා
නා. මුල් මිනිසා; ආදිකල්පික මනුෂ්‍යයා.
ආදි රසායනය
(පාරිභා.) නා. තඹ, පිත්තල ආදි ලෝහ රත්තරන්වලට හැරවීම ආදියට සීමා වූ (යුරෝපයේ) මධ්‍යම යුගයේ පැවති රස විද්‍යාව (=alchemy).
ආදිකර්තෘ
නා.ප්‍ර. යමක් පළමුවෙන් ආරම්භ කළ තැනැත්තා; ප්රාරම්භකයා.
ආදිකර්ම
නා.ප්‍ර. මුල් ක්‍රියාව; ආරම්භය.
ආදිකර්මිකයා
නා. (විනය.) යම්කිසි කාර්යයක පළමුවැන්නා; යම් ක්‍රියාවක් ප්‍රථමයෙන් කරන තැනැත්තා.
ආදිකල්පය
නා. කල්පයෙහි මුල; ලෝකාරම්භ කාලය හෙවත් මුල් කල්පය.
ආදිකල්පිකයා
නා. ආදිකල්පයට අයත් මිනිහා; අතිපුරාණ මනුෂ්‍යයා.
ආදිකවි
නා.ප්‍ර. මුල් කවියා; ආදි කාව්‍යය ලෙස සැලකෙන රාමායණයෙහි කර්තෘ වූ වාල්මිකී.
ආදිච්ච
නා.ප්‍ර. සූර්යයා.
ආදිච්චබන්ධු
නා.ප්‍ර. බුදුන් වහන්සේ.
ආදිත්ත
වි. ගිනි ගෙන දැවෙන; දිලිසෙන.