සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 218

ආදිත්‍යයා

1. නා. දෙවියා.
2. නා. සූර්යයා.

ආදිපාද

නා.ප්‍ර. රාජ කුමාරයකුට හෝ වංශාධිපතියකුට හෝ පිරිනමනු ලබන පදවි නාමයක්.

ආදියන

නා.ප්‍ර. අන් සතු දෙය අයිති කර ගැනීම.

ආදිරූප

නා.ප්‍ර. රෝගයක පූර්ව ලක්ෂණ හෙවත් රෝගයක් හටගැනීමට පළමු සිරුරෙහි පහළ වන ලක්ෂණ.

ආදිෂ්ට

වි. දැක්වූ; සඳහන් කළ; නියම කළ; නියෝග කළ; විධාන කළ.

ආදීනවය

නා. දෝෂය; විපත්තිය; අනිෂ්ට විපාකය.

ආදීප්ත

වි. දිලිසෙන; දැල්වෙන; ගිනිගෙන දැවෙන.

ආදෘත

වි. මැනවින් පිළිගත්; බාරගත්; ගරු කළ.

ආදෘශය

නා. උදාහරණය; ගුරුකමට ගනු ලබන දෙය; ආදර්ශය.

ආදේව

නා.ප්‍ර. වැලපීම; ඇඬීම.

ආදේශකය

නා. යමක් වෙනුවට යොදා ගත හැකි විකල්ප දෙය.

ආදේශය

1. නා. අවවාදය; ආඥාව.
2. නා. යමක් වෙනුවට අනිකක් පැමිණවීම හෙවත් යෙදීම.
3. (ව්‍යාක.) නා. පදයක අකුරක් වෙනුවට වෙන අකුරක් යෙදීම.

ආදේසනාපාටිහාරිය

නා.ප්‍ර. පරසිත් ගැන කීමට හැකි ඍද්ධි මහිමය.

ආධ්මාත

වි. පිම්බුණු; ඉදිමුණු.

ආධ්මාතයා

නා. පිම්බුණු හෙවත් ඉදිමුණු තැනැත්තා.

ආධ්මාන

1. නා.ප්‍ර. පිඹීම.
2. නා.ප්‍ර. බඩේ වාතය පිරීම ලක්ෂණ කොට ඇති රෝග විශේෂයක්.

ආධ්‍යාත්ම විමෝක්ෂය

නා. (අභි.) තමා පිළිබඳ වූ මිදීම; ආධ්‍යාත්මික සංස්කාරයන් පරිග්‍රහණය කොට ලද අර්හත්ත්වය.

ආධ්‍යාත්මය

1. නා. තමාගේ සිත හෙවත් සන්තානය; චිත්තය; ස්වකීය කය.
2. (ක්‍රිස්ති.) නා. හැඟීම් හෙවත් ස්නේහය පිළිබඳ නිජ ස්ථානය.

ආධ්‍යාත්මික

වි. තමා පිළිබඳ; ආධ්‍යාත්මය හා සම්බන්ධ; තමාගේ සිත පිළිබඳ.

ආධ්‍යාත්මික අපවාදය

(පාරිභා.) නා. තමා පිළිබඳ හෝ ගුණධර්ම පිළිබඳ හෝ දෝෂාරෝපණය (=spiritual censure).

ආධ්‍යාත්මික දානය

නා. තමාගේ ශරීරය හෝ ශාරීරික අවයව හෝ පරිත්‍යාග කිරීම.

ආධානය

1. නා. තැන්පත් කිරීම; තැබීම; පිහිටුවීම.
2. නා. ගැබ් පිහිටුවීම; ගර්භාධානය.
3. නා. උකස; ඇපය.

ආධාරක රේඛාව

(පාරිභා.) නා. මූලික රේඛාව; ධරණ රේඛාව (=base line).

ආධාරකය

1. නා. යමක් උසුලා හෝ දරා සිටින දෙය.
2. නා. කුඩා පුටුව හෝ බංකුව; කොලොම්බුව.
3. නා. ජ්‍යාමිතික රූපයක පාදය (=base).