සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 255
ඇහි පොට ඇණය
(පාරිභා.) නා. හිස වෙනුවට ඇසක් හෙවත් සිදුරක් ඇති පොට ඇණය (=eye bolt).
ඇහි පොල්බෑව
නා. පොල් ගෙඩියේ ඇස් සහිත භාගය; ගෑනු බෑය.
ඇහි වළ
(කථා.) නා. කුඹුරෙහි සැදුණු කුඩා දිය වළ.
ඇහි වියමන
(පාරිභා.) නා. හිදැස් හෙවත් ඇහි ඇතිවන පරිදි කරන රෙදි වියමන (=leno weave).
ඇහිඳ කනවා
ක්රි. එහෙන් මෙහෙන් අහුලාගෙන කනවා.
ඇහිඳිනවා
(කථා.) ක්රි. අහුලනවා.
ඇහිපිල්ලම්
නා.ප්ර. ඇසිපිය; ඇස් පිහාටුව.
ඇහුරුම
(පාරිභා.) නා. අහුරන ලද්ද; පෙට්ටිවල හෝ භාජනයක ක්රමානුකූල ව බහාලන ලද්ද (=pack).
ඇහුරුම් තහඩුව
(පාරිභා.) නා. ආලෝක දීප්තතාව අනු ව කැමරා විවරයේ ප්රමාණය අඩු වැඩි කිරීමට සාදා ඇති තහඩුව (=stop).
ඇහුරුම් පැට්ටුම්
1. (කථා.) නා.ප්ර. පිළිවෙළට තැබීම.
2. අරපරෙස්සම; පිරිමැසීම; සකසුරුවම.
3. විළිබිය ඇති ගතිය: විනීත භාවය.
ඇහේ බබා
නා. කළු ඉංගිරියාව; ටිඟිනිය: කනීනිකාව.
ඇළ
නා. වතුර බැස යන මාර්ගය.
ඇළ කඳුර
නා. දිය පාරක් ඇති භූමි භාගය; මඩවගුරු සහිත බිම් පෙදෙස.
ඇළ දොර
(පාරිභා.) නා. ඇළක ජල මට්ටම වෙනස් වන ස්ථානයෙහි එහි ගමන් කරන යාත්රා ඉදිරි කොටසේ ජල මට්ටම් කරා පහත් කිරීමට හෝ ඉස්සීමට හෝ තනා ඇති උස් පහත් කළ හැකි දොරටු සහිත කොටුව (=lock of a canal).
ඇළ පායනවා
ක්රි. ඇළවල් කපනවා; කුඹුරේ ලියදිවල කොටස් වෙන් කරමින් පෝරුවෙන් ඇළ කපනවා; කැපූ ඇළක ජලය බැසීමට ඇති වී තිබෙන අවහිරතා ඉවත් කරනවා.
ඇළ බැඳි ගංගාව
(පාරිභා.) නා. වේලි ආදිය බැඳීමෙන් ඇළක් බවට හරවනු ලැබූ ගංගාව (=canalized river).
ඇළ මුලාත
නා. ඇළේ උඩ භාගය; උඩු හොය.
ඇළමං
නා.ප්ර. (කුඹුරක් තුළ ඇති) කුඩා ඇළ.
ඇළමානය
(කථා.) නා. ඇළක් ගමන් කරවිය හැකි බිම් ප්රමාණය.
ඇළි
වි. සුදු; ධවල; ශ්වේත.
ඇළි ඇතා
නා. සුදු ඇතා; ශ්වේත හස්තියා.
ඇළි කුලය
(කථා.) නා. පිරිසිදු කුලය.
ඇළි නයා
(කථා.) නා. සුදු නාගයා.
ඇළි සවරම
නා. පවන් සැලීම සඳහා සුදු සෙමර වල්ගයෙන් සාදන ලද චාමරය; සුදු චාමරය හෙවත් වල්විදුනාව.