සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 256
ඇළිබව
(පාරිභා.) නා. (ශාකයක) හරිතප්රද හෝ අනෙක් වර්ණක හෝ නැති බව (=albinism).
ඇළියා
(පාරිභා.) නා. ඇළිබව ඇති ශාකයක් හෝ සත්ත්වයෙක් (=albino).
ඈ
සිංහල හෝඩියේ සිවුවැනි අකුර හා ස්වරය; ‘ඇ’ කාරයේ දීර්ඝය.
සර්ව. ඇය; ඒ තැනැත්තිය.
1. නා.ප්ර. ආරම්භය; මුල් අවධිය.
2. නා.ප්ර. අණ; ආඥාව.
3. නා.ප්ර. අය; ආදායම.
4. නා.ප්ර. ආර්යයා.
ඈකන්සාව
නා. කම්මුල් ඉදිමීමේ රෝගය; කම්මුල්ගාය.
ඈඬියාව
(කථා.) නා. අනුන්ගේ සැපතට ඊර්ෂ්යාවෙන් නිතර නිතර කෙඳිරීම හෙවත් බිණීම; කන් කෙඳිරිය; අඬ ඇඬියාව.
ඈත
නා. දුරින් පිහිටි තැන; දුරස්ථානය.
ඈත පෙරදිග
නා. නැගෙනහිර ආසියාව, චීනය, ජපානය ආදි රටවල් පිහිටි ප්රදේශය.
ඈතමෑත
ක්රි.වි. ඒ අත මේ අත; ඔබ මොබ; එහා මෙහා.
ඈඳනවා
1. ක්රි. දෙකක් හෝ ඊට වැඩි ගණනක් හෝ එකිනෙකට සම්බන්ධ කර බඳිනවා.
2. ක්රි. රා, මීරා මැදීම පිණිස පොල්ගස් කරටි අතර කඹ අදිනවා; අතුරු බඳිනවා.
ඈඳි
නා.ප්ර. අලි ඇතුන් බඳින යදම හෙවත් දම්වැල.
ඈඳි ගන්නවා
(කථා.) ක්රි. ඉඳගන්නවා; වාඩි වෙනවා.
ඈඳිත්ත
1. නා. ඈඳන ලද දෙක හෝ දෙදෙනා; යුගලය; ජෝඩුව.
2. නා. ඈඳුතුබාන.
ඈපා
නා.ප්ර. 6 වන සියවස පමණ කාලයේ සිට ලංකාවේ රජකමට හිමිකම් ලත් රාජකුමාරවරුන් හට ප්රදානය කරනු ලැබූ පදවි නාමය.
ඈලිමෑළි
වි. ඇලිමැළි ; අලස.
ඈලියාව
1. නා. අජීර්ණය; පාචනය.
2. නා. නැති වී යෑම; විනාශය.
3.(කථා.) නා. ගිජුකම; කෑදරකම.
ඈලියාවට යනවා
ක්රි. විනාශයට යනවා; නැති වෙනවා.
ඈවර
වි. අවසාන; ඉවර.
නා. වතාව; අවස්ථාව; එක් වාරය.
ඈවර කරනවා
1. ක්රි. ඉවර කරනවා; අවසන් කරනවා.
2. ක්රි. යම් වෙළඳ ව්යාපාරයක් හෝ බැංකුවක් හෝ සතු මුළු වත්කම් ප්රමාණය ම විකුණා මුදල් ලබා ගන්නවා; ගනුදෙනු ගෙවා අවසන් කරනවා.
ඈවරකරු
(පාරිභා.) නා.ප්ර. වෙළඳ ව්යාපාර ආදියක ණයතුරුස් බේරා එය නවත්වා දැමීමට හෝ අවසාන කිරීමට පත් කරනු ලබන තැනැත්තා (=liquidator).
ඉ
සිංහල හෝඩියේ පස්වන අකුර සහ පස්වන ස්වරය.
උ. ඉතා අධික, අතිශය යනාදි අර්ථ පවසන උපසර්ගය.
ඉංග
නා. ඉඟිය; කැමැත්ත; අදහස.
ඉංගං
(කථා.) නා.ප්ර. ඉඩමක මායිම; ග්රාම සීමාව.
ඉංග්රීසි
වි. ඉංග්රීසීන්ට අයත්; එංගලන්තයට අයත්.
1. නා.ප්ර. එංගලන්තයෙහි වැසියෝ.
2. නා.ප්ර. එංගලන්තය ඇතුළු මහා බ්රිතාන්යයේ බිහිවුණු භාෂාව; ඉංග්රීසි භාෂාව.
ඉංග්රීසි හටන
නා. සිංහල සාහිත්යයේ මහනුවර යුගයට අයත් කාව්යයක නාමය; ශ්රී වික්රම රාජසිංහ රජු දවස ඉංග්රීසීන් හා සිංහලයන් අතර වූ සටන මෙහි විස්තර වේ.