සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 257
ඉංගිරියාව
නා. ඇස් ගෝලයේ ඉදිරිපස පිහිටි සුදු හෝ කළු පැහැති කොටස.
ඉංචි
නා.ප්ර. ඉඟුරු.
ඉක්
1. නා.ප්ර. ඉක්ෂු; උක්ගස.
2. නා.ප්ර. බැලීම; ඊක්ෂාව.
ඉක්කා ගහනවා
(කථා.) ක්රි. ඉක්කාව හටගන්නවා; ඉක්කාව පවතිනවා.
ඉක්කා පතුර
(කථා.) නා. පොල්මලේ කොළපුවට පිටින් ඇති ආවරණය.
ඉක්කා මටුල්ල
(කථා.) නා. පොල්මලේ ඉක්කා පතුරත් කොළපුවත් අතර පිහිටා ඇති දැලක් වැනි ආවරණය; මටුල්ල.
ඉක්කාව
1. නා. ශ්වාසනාල ද්වාරය ක්ෂණික ව වැසීමත් සමඟ ‘හික් හික්’ යන ශබ්දය පිට කරමින් ඇති වන ශ්වසන ඉන්ද්රිය ගැස්ම.
2. නා. නොවැඩුණු ඇටයක් ඇති කොස් මදුල; ඉක්කා මදුල.
ඉක්බිති
1. වි. යාබද; ඊළඟ; පූර්ව.
2. වි. ඊළඟට; අනතුරුව; පසුව.
ඉක්මන
නා. වේගවත් බව; කඩිනම; හදිස්සිය.
ඉක්මනවා
1. ක්රි. පසු කරනවා; අතික්රමණය කරනවා; අභිභවනය කරනවා; උල්ලංඝනය කරනවා.
2. ක්රි. කාලය ගත කරනවා හෙවත් පසු කරනවා.
ඉක්මෙනවා
1. ක්රි. පසු කරනවා.
2. ක්රි. (කාලය) ගත කරනවා.
3. ක්රි. උල්ලංඝනය කරනවා; කඩ කරනවා.
ඉක්ෂු
නා.ප්ර. උක් ගහ.
ඉක්ෂු පානීය
නා.ප්ර. උක් දඬු යුෂයෙන් සාදන ලද බීම.
ඉක්ෂු මේහය
නා. මධුමේහය හෙවත් දියවැඩියා නම් රෝගය.
ඉක්ෂු රසය
නා. උක් රසය; උක් පැණි.
ඉක්ෂු සුරාව
නා. උක් යුෂයෙන් පෙරන ලද මද්යසාරය.
ඉක්ෂුචාප
නා.ප්ර. අනංගයාගේ අවිය ලෙස සැලකෙන උක්දඬු දුන්න.
ඉක්ෂුපාක
නා.ප්ර. උක්පැණි.
ඉක්ෂුයෂ්ටි
නා.ප්ර. උක් දණ්ඩ; උක් ගස.
ඉක්ෂුවිකාර
නා.ප්ර. උක් ගසින් නිපදවා ගනු ලබන සීනි, උක් සකුරු, උක් පැණි ආදි දේ.
ඉක්සා
නා.ප්ර. බැලීම; අවලෝකනය.
ඉකාර පක්ෂියා
නා. මුහුර්ත ශාස්ත්රයේ සඳහන්වන ‘ඉ’ කාරය හිමි පක්ෂියා; බකමූණා.
ඉකාරාන්ත
වි. ‘ඉ’ ස්වරය අන්ත කොට ඇති ‘ඉ’ ශබ්දයෙන් කෙළවර වන.
ඉකි ගසනවා
1. ක්රි. ඉක්කා ගසනවා.
2. ක්රි. ඉකි බිඳිනවා.