සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 339
උල්කය
නා. ගිනිහුල.
උල්කාව
1. නා. අජටාකාශයේ අධික වේගයෙන් ඔබ මොබ විහිදෙමින් සමහරවිට පෘථිවියේ වායු ගෝලයටද ඇතුළු වන සාපේක්ෂිත වශයෙන් කුඩා ආකාශ වස්තුව.
2. නා. ගිනි හුළ; විලක්කුව.
උල්කාශ්මය
[උල්ක + අශ්මය]
(පාරිභා.) නා. අන්තරීක්ෂයේ සිට පැමිණ පොළොවට වැටෙන ඛනිජමය ද්රව්යයක් (=meteorite).
උල්දිය
නා. පහත් බිම්වල නිතර තෙත ගතිය ඇති කරවන පොළොවෙන් ජලය මතු වන තැන.
උල්පත
1. නා. පොළොවෙන් ජලය මතුවන තැන; ජලය උනන තැන.
2. නා. පටන්ගැන්ම; මූලාරම්භය.
උල්පත් පෑන
නා. කඳ ඇතුළත තීන්ත පුරවා ඇති පෑන.
උල්පන්දම් දෙනවා
ක්රි. වැරදි වැඩක් කිරීමට අනුබල දෙනවා; රුකුල් දෙනවා.
උල්පැන්ගෙය
නා. (මහනුවර රාජ්ය සමයෙහි රජුන්) උණුදිය නෑම සඳහා උපයෝගී කරගත් ගෘහය.
උල්මාංසය
නා. මනුෂ්ය ශරීරයේ පසුපස කලවවලට ඉහළින් පිහිටි මස් පිඬු දෙක; තට්ටම්.
උල්රවුම් කටුව
(පාරිභා.) නා. වඩු කර්මාන්තයේ දී ලියවන පට්ටලයේ භාවිත කරන බොරදන් හැඩ ගැසීම සඳහා උපකරණයකි.
උල්ලඞ්ඝනය
1. නා. ඉක්මවා යෑම; අතික්රමණය.
2. නා. කඩකිරීම.
උල්ලඞ්ඝිත
වි. ඉහළට නැගුණු; ඉක්මවා ගිය.
උල්ලසිත
වි. බබළන; දිලිසෙන.
උල්ලිඛනය
නා. ගල් ආදියෙහි රේඛා කෙටීම; කැටයම් කිරීම.
උල්ලේඛනය
1. නා. ප්රකට කොට දැක්වීම.
2. නා. වමනය කිරීම.
3. නා. සීරීයෑම; අපමර්ෂණය.
උල්ලෝරම
(කථා.) නා. රන්කරුවන් භාවිත කරන උපකරණයක්.
උල්ලෝල
1. නා.ප්ර. මහරැළ.
2. නා.ප්ර. කැලඹීම; නොසන්සුන්බව.
උල්වතුර
(කථා.) නා. උල්පත් ජලය; උල්පතින් උනන ජලය.
උල්වළ
(කථා.) නා. සොර සතුරන්ට උපද්රව කරනු පිණිස උල්කටු ආදිය සිටවූ වළ.
උලැඟි
1. වි. ඉහළට නැඟුණු; උඩට නැඟුණු; පැන නැංගා වූ; එස වූ.
2. වි. ඉක්මවූ; උල්ලඞ්ඝිත.
උලැඟි වෙනවා
ක්රි. (මුහුදු රළ ආදිය) උඩට නඟිනවා; ඉහළට නඟිනවා.
උලැඟිය
(පාරිභා.) නා. පෘථිවි පෘෂ්ඨයේ නැමි නිර්මාණයෙහි සහ දැදුරුවීම්වල ප්රතිඵලයක් වශයෙන් සෑදෙන භූ රූපයක්; ආපසු දැදුර.
උලුප්පනවා
ක්රි. මතු කරනවා; උඩට නෙරා සිටින සේ සලස්වනවා; කටුවෙන් මදය ගලවනවා; උගුල්ලනවා.
උලෙල
1. නා. කැලඹීම; නොසන්සුන්වීම.
2. නා. (එක්රැස් වී ප්රීතිය හෝ දුක හෝ ප්රකාශ කිරීමේ) අවස්ථාව; උත්සවය; සැණකෙළිය.