සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 340
උව
1. නා.ප්‍ර. දියසුළිය.
2. නා.ප්‍ර. දුන්න.
3. (අව්‍ය.) නා.ප්‍ර. සමීප; ආසන්න; කිට්ටු.
උවඟ
නා. ශරීරයේ ප්‍රධාන අවයවවලට අයත් ව පිහිටියාවූ බැම, ඇඟිලි ආදි අප්‍රධාන අවයව; උපාංග.
උවටන
1. නා. (සිවුපසයෙන්) උපස්ථාන කිරීම; ආවතේවය.
2. නා. ආදරය; ගෞරවය; උපහාරය.
උවටන්හල
නා. (බුදුරජාණන් වහන්සේට වැඳීමට හෝ සිවුපසයෙන් උපස්ථාන කිරීමට හෝ) භික්ෂූන් වහන්සේලා රැස්වන ශාලාව.
උවටා
නා. සමීපයෙහි සිට උපස්ථාන කරන්නා; රෝගියකු රැක බලාගන්නා.
උවදුර
1. නා. අන්තරාය; උපද්‍රවය; කරදරය.
2. නා. රෝග පීඩාව.
උවදෙස
නා. උපදේශය; අවවාදය; ගුරුහරුකම.
උවන
1. නා. මුහුණ; වක්ත්‍රය; වුවනත.
2. නා. ඇද වූ කෙළවර.
උවනත
නා. මුහුණ.
උවන් පිළිකය
නා. මුහුණෙහි සෑදෙන ගඩු විශේෂයක්; කුරුලෑව.
උවන්කර
නා.ප්‍ර. (උවන්හි හෙවත් මුහුණෙහි අතක් ඇති) ගණදෙවි; ගණේෂ.
උවන්දිරම
1. නා. වගතුග; පලහිලව්ව.
2. නා. රජයකට හෝ පාලකයකුට හෝ බද්දක් හෝ භෝගවලින් හෝ දෙනු ලැබූ තුටුපඬුරු; සුවන්දිරම; හුවන්දිරම.
උවම
1. නා. උපමාව; සංසන්දනය.
2. නා. නිදර්ශන සහිත කතාව; උපමා කථාව.
උවමන්
නා.ප්‍ර. සමාන කිරීම; සමාන කිරීම පිණිස යොදා ගනු ලබන දෙය; උපමානය.
උවමනා
වි. වුවමනා; අවශ්‍ය; තිබිය යුතු; ඕනෑ.
උවමනාව
නා. ඕනෑකම; අවශ්‍යතාව.
උවමේ
නා. උපමා කරනු ලබන වස්තුව; උපමේයය.
උවය
නා. උපාය; උපක්‍රමය.
උවරජ
නා.ප්‍ර. යුවරජ; දෙවන රජ; උපරාජ.
උවරණ
නා.ප්‍ර. උපකරණ; අවශ්‍ය දේ; අඩුවැඩිය; භාණ්ඩ.
උවසම
නා. සන්සුන්බව; ශාන්තභාවය; උපශමය.
උවසර
1. නා. ආශ්‍රය; උපචාරය; ළං වීම.
2. නා. සත්කාරය; අභිවාදනය.
උවසුවා
නා. තෙරුවන් සරණ ගිය තැනැත්තා; බෞද්ධෝපාසකයා.
උවිඳා
නා. උපේන්ද්‍රයා; විෂ්ණු දෙවිඳු.