සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 341
උවිඳුකත
නා. විෂ්ණු දෙවිඳුගේ භාර්යාව; ලක්ෂ්මී.
උවිඳුබෑ
නා.ප්ර. උපේන්ද්ර හෙවත් විෂ්ණු දෙවිඳුගේ සහෝදර බලභද්රයා.
උවිඳුසුත
නා.ප්ර. උවේන්ද්ර හෙවත් විෂ්ණු දෙවිඳුගේ පුත්ර කාම දේවයා; අනංගයා.
උෂ්ට්රයා
නා. ඔටුවා.
උෂ්ණ
1. වි. උණුසුම හෝ රස්නය ඇති.
2. වි. ආහාරවල ඇතැයි පිළිගනු ලබන උණුසුම් ගුණය ඇති; ගිනියම්.
උෂ්ණ ඍතුව
නා. උණුසුම් දේශගුණය පවතින කාලය; ග්රීෂ්ම ඍතුව; ගිම්හානය.
උෂ්ණ කලාපය
(පාරිභා.) නා. පොළොවෙහි මකර හා කටක නිවර්තන රේඛා අතර කලාපය; නිවර්තන කලාපය (=torrid zone).
උෂ්ණ කාන්තාරය
නා. වර්ෂාව නොලැබෙන අතිශය වියළි උෂ්ණ කලාපීය ප්රදේශය; කාන්තාරය.
උෂ්ණ ගති සිද්ධාන්තය
(පාරිභා.) නා. තාපයට හේතුව පදාර්ථයේ අංශුවල චලිතය යැයි පවසන සිද්ධාන්තය; තාපය පිළිබඳ චාලකවාදය (=kinetic theory of heat).
උෂ්ණ ගුණය
නා. උෂ්ණය නමැති ගුණය; උෂ්ණ ශක්තිය.
උෂ්ණ රේඛාව
(පාරිභා.) නා. එක් කාල පරිච්ඡේදයක් තුළ සම උෂ්ණත්වයක් දරන ස්ථාන සිතුවමක් මත සම්බන්ධ කරන කාල්පනික රේඛාව; සමෝෂ්ණ රේඛාව (=isotherm).
උෂ්ණ වාහකත්වය
(පාරිභා.) නා. ලෝහාදි ද්රව්යයක එක කොටසක සිට අනෙක් කොටස තෙක් අණුවෙන් අණුව තාපය ගමන් කිරීම; සන්නයනය (=conduction).
උෂ්ණ විකාරය
නා. අධික උණ හේතු කොට ගෙන ඇති වන සිහිමුළාව හෙවත් ඔල්මාදය.
උෂ්ණ විකිරණය
(පාරිභා.) නා. විද්යුත්චුම්බක තරංග වශයෙන් තාපය පැතිරී යෑම; තාප විකිරණය (=heat radiation).
උෂ්ණකය
(පාරිභා.) නා. යමක් සේදීම, රත් කිරීම හෝ තැම්බීම පිණිස ගන්නා වූ ද්රවයක් හෝ වැලි ආදි ද්රව්යයක් හෝ භාජනයක්; තාපකය.
උෂ්ණගාමිත්වය
නා. ද්රවයක එක් කොටසක සිට තවත් කොටසකට උෂ්ණත්වය ගමන් කරන ආකාරය; උෂ්ණ සංවහනය.
උෂ්ණත්ව අංශකය
(පාරිභා.) නා. උෂ්ණත්වයේ මිණුම් ඒකකය (=degree of temperature).
උෂ්ණත්ව අන්තරය
(පාරිභා.) නා. නියමිත කාලයක් තුළ වාර්තා වන උපරිම සහ අවම උෂ්ණත්ව අංශක අතර වෙනස (=range of temperature).
උෂ්ණත්ව දර්ශකය
(පාරිභා.) නා. උෂ්ණත්වයේ වෙනස් වීම් පෙන්වන (එහෙත් නොමනින) උපකරණයක් (=thermoscope).
උෂ්ණත්ව පරිමාණය
(පාරිභා.) නා. උෂ්ණත්ව මැනීම සඳහා භාවිත කරන මිනුම් දඬුව (=temperature scale).
උෂ්ණත්ව ප්රතිලෝමය
(පාරිභා.) නා. උෂ්ණත්ව පෙරළිය; උෂ්ණත්ව විපර්යාසය; වායුගෝලයේ ඉහළට යත් ම සාමාන්යයෙන් සිදුවන ආකාරයට උෂ්ණත්වය අඩු නොවී වැඩිවීම (=inversion of temperature).
උෂ්ණත්ව පුඤ්ජය
(පාරිභා.) නා. තාපය කෙළින් ම විද්යුත් ශක්තියට හරවන උපකරණයක්; තාපවිද්යුත්පුඤ්ජය.
උෂ්ණත්වමාන ද්රව්යය
(පාරිභා.) නා. උෂ්ණත්වමානයක ක්රියා කරන ද්රව්යය (රසදිය හෝ මද්යසාර).
උෂ්ණත්වමානය
(පාරිභා.) නා. උෂ්ණත්වය මැනීම සඳහා භාවිත කෙරෙන උපකරණය; තර්මෝමීටරය (=thermometer).