සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 338
උරුණු
වි. රත් කළ; උණු කළ.
නා.ප්ර. උච්චාරණය; කීම.
උරුත්තය
නා. වෑයම; උත්සාහය.
උරුදි
වි. ස්ථිර; ඒකාන්ත.
උරුදිය
නා. ස්ථිරභාවය; නිශ්චය.
උරුදු
වි. ඍජු; ඇද නැති; කෙළින්.
උරුම කරනවා
ක්රි. අයිතිය පවරනවා; හිමි කරනවා.
උරුමකාරයා
නා. උරුමය හිමි තැනැත්තා; (පරපුරෙන්) හිමිකාරයා.
උරුමය
නා. (පාරම්පරික) අයිතිය; අයිතිවාසිකම; හිමිකම.
උරුම්බූට්ටිය
නා. හුරුබුහුටිකම; කඩිසරකම.
උරුමුරු කරනවා
ක්රි. කෝපය හඟවනවා; ක්රෝධය දක්වනවා.
උරුලැම් බානවා
(කථා.) ක්රි. තොල් දෙක උල්කර කටින් හුළං පිට කරමින් හඬක් පිටකරනවා; සිවුරුහන් කරනවා.
උරුලෑ සට්ටම්
නා.ප්ර. උරුලෑවාගේ පුරෝගුද ග්රන්ථි දෙකින් වැගිරෙන තද ගඳක් ඇති උකු ද්රව්යයක් අඩංගු වූ කෝෂය.
උරුලෑසැපිටි
නා.ප්ර. උරුලෑසට්ටම්.
උරෝ විදාරණය
නා. පපුව පැලීම; හෘදය විදාරණය.
උරෝභ්යන්තරය
නා. උරස් අභ්යන්තරය; උරය හෙවත් පපුවෙහි ඇතුළ.
උරෝස්ථිය
(පාරිභා.) නා. පපු ඇටය; ක්රෝඩකය (=sternum).
උල
1. නා. තියුණු වූ මූණත හෝ තුඩ; තියුණු මූණක් ඇති ලී ආදිය; කීලය.
2. නා. පුරාණ කාලයෙහි අපරාධකරුවන්ට වධ දී මැරීම ඇතුළු බොහෝ කටයුතු සඳහා භාවිත කළ තියුණු උල.
3. නා. දිය උල්පත.
4. නා. පොල් ලෙලි ගැසීමට උපයෝගී කර ගන්නා දැවයෙන් හෝ යකඩයෙන් තැනූ උපකරණය.
උල තබනවා
ක්රි. උල හිඳුවනවා; සිංහල රජුන් කල වරදකරුවන්ට පැනවූ මරණීය දඬුවමක් වන උල තියන හෙවත් උල හිඳුවන කාර්යය.
උලටනය කරනවා
(පාරිභා.) ක්රි. (පැත්ත වෙනස් වන සේ හෝ උඩ යටට සිටින සේ) පෙරළනවා; විපර්යස්ත කරනවා.
උලප්පුව
නා. බඩවැඩිල්ල; දිවෙල.
උලමා
නා. බියකරු හඬක් නංවන නිශාචර පක්ෂියෙක්; උලළිහිණියා; උලලේනා.
උල්
වි. තියුණු වූ; සිහින් වූ මූණතක් හෝ තුඩක් ඇති.
උල් කරනවා
ක්රි. තියුණු මූණතක් හෝ සිහින් තුඩක් ඇති කරනවා.
උල්කටුව
1. නා. පුස්කොළ ලිවීමට ගන්නා පන්හිඳ.
2. නා. ලෝහ හා ලාක්ෂා කර්මාන්තවල භාවිතයට ගන්නා උපකරණයක්.