සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 337
උරස
නා. පපුව; ළපැත්ත.
උරසක්මල්
නා.ප්‍ර. උරචක්රමාලාව.
උරසද
නා.ප්‍ර. සන්නාහය; පපුවැස්ම; උරච්ඡදය.
උරසන්
නා.ප්‍ර. සන්නාහය; උරසද; උරච්ඡදය
උරස්කය
නා. උරපෙදෙස; වක්ෂස්ථලය.
උරස්කුහරය
නා. (ඉල ඇට රාමුවෙන් හා අන්තර් භිත්තියෙන් වට වී ඇති) උරයේ ඇතුළු කොටස; ළය ප්‍රදේශය; පපු කුහරය.
උරස්ත්රාණ
නා.ප්‍ර. පපුව ආරක්ෂා කරන ලෝහ හෝ හම් වැස්ම; කවචය; සන්නාහය.
උරස්තෝය
නා.ප්‍ර. ප්ලූරාව ඉදිමීමෙන් හට ගන්නා එනම් රෝගය; පුප්ඵුසාවරණ ප්‍රදාහය.
උරහර
නා.ප්‍ර. සර්ප මාලයක් ඇත්තා; ඊශ්වරයා.
උරහිස්කටුව
නා. අකු ඇටය; අක්ෂකාස්ථිය.
උර්වරක
නා.ප්‍ර. රසායන පෝර.
උර්වී
නා.ප්‍ර. පොළොව.
උර්වීන්ද්ර
උරා ගන්නවා
ක්‍රි. (ද්‍රව, තාපය, ආලෝකය ආදිය) ඇද ගන්නවා; චූෂණය කර ගන්නවා.
උරිඳු
[උර + ඉඳු]
නා.ප්‍ර. ශ්‍රේෂ්ඨ නාගයා; නාග රාජයා; අනන්ත නම් නාග රාජයා.
උරිඳුයහන්
නා.ප්‍ර. (අනන්තයා නම් නාග රාජයා යහන කොට ඇත්තා) විෂ්ණු.
උරිය
1. නා. (උපකරණ, එළවළු ආදිය ගෙන යෑමට) ගොක් කොළවලින් සෑදු පිරිවැස්ස; මල්ල; උරය.
2. නා. මඩිය; කෝෂය.
උරිර
නා. හුරිර; ලේ; රුධිරය.
උරිස්පත්ත
නා. උරහිසට පහළින් පිහිටි පිටේ ඉහළ කොටස.
උරීකෘත
වි. පොරොන්දු වුණු; පිළිගන්නා ලද.
උරු
1. නා.ප්‍ර. කලවය.
2. නා.ප්‍ර. උර; උරහිස.
3. නා.ප්‍ර. සිත.
4. නා.ප්‍ර. වැලි තලාව.
5. වි. විශාල; මහත්.
උරුක් කරනවා
1. ක්‍රි. තර්ජන වශයෙන් අතමිට මොළවා ඔසොවනවා.
2. ක්‍රි. (පහර දීමට පළමු) ආයුධාදිය ලෙළවනවා; අමෝරා ගන්නවා.
උරුක්කු
නා.ප්‍ර. තරවටුව; තර්ජනය.
උරුට්ටු
නා.ප්‍ර. (රත්තරන් ආදි ලෝහ භාණ්ඩයක කරන) සියුම් කැටයම්.