සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 336
උරපටිය
නා. ඇඳුම් උරහිසෙහි රැඳවීමට යොදා ඇති පටිය.
උරපති
නා.ප්ර. උරගයන්ගේ හෙවත් නාගයන්ගේ ස්වාමියා; අනන්ත නාගරාජයා.
උරපතු ඇටය
නා. උරය පිටුපස ඇති ත්රිකෝණාකාර පැතලි ඇටය; උරපත්ත.
උරප්පුව
1. නා. ආඩම්බරය; උජාරුව.
2. නා. කෝපය; රෝෂය.
3. නා. ආටෝපය.
උරපා
නා.ප්ර. උර පෙදෙස පාද වශයෙන් භාවිත කරන්නා; සර්පයා.
උරබතුරු
[උර + අබතුරු]
නා.ප්ර. පපුව (හෙවත් හෘදය) ඇතුළ; හෘදයාභ්යන්තරය.
උරබන්දය
නා. ඒකාංශ කොට උරහිසෙහි දමන රෙදි කඩ; උතුරු සළුව.
උරබරුව
(කථා.) නා. උරේ එල්ලා ගත් ඔලොගුව හෝ පොට්ටනිය.
උරබාහුව
1. නා. උරහිසට යාබද බාහුවේ ඉහළ කොටස; උරහිස.
2. නා. නැට්ටුවන් උරහිසෙහි පලඳින ආභරණයක්.
උරබිත
නා. උර පෙදෙස; උරෝභිත්තිය.
උරමඬල
නා. පපුව; පපුපෙදෙස.
උරමාලය
නා. නැට්ටුවන් උරහිසෙහි පලඳින වළල්ලක් වැනි ආභරණය.
උරමාව
1. නා. කැඩුණු හෝ තුවාල වූ හෝ අතක් බෙල්ලෙහි එල්ලා තැබීම සඳහා යොදන (රෙදි) පටිය.
2. නා. හිසේ බඳින රෙදිකඩ.
3. (කථා.) නා. සිල් සමාදන් වන විට එක උරයක් වැසෙන සේ පොරවන රෙද්ද.
උරමේඛලාව
(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ අංසඵලකය, අක්ෂකාස්ථිය හා කාකතුණ්ඩිකාව යන ඇට කීපයෙන් සැදුණු, පූර්ව ගාත්ර සන්ධානය වී තිබෙන (උඩ පැත්ත අසම්පූර්ණ) ඇට වළල්ල (=pectoral girdle).
උරය
1. නා. පපුව; ළපැත්ත; වක්ෂස්ථලය.
2. නා. උරහිස; කර; දසරුව.
3. නා. කොට්ට මෙට්ට ආදියෙහි පිට කවරය; ආවරණය; වැස්ම; කොපුව.
4. නා. හදවත; සිත.
උරයහනා
නා. උරගයකු යහනක් කොට ඇත්තා; විෂ්ණු දෙවි.
උරරුපු
නා.ප්ර. උරගයන්ගේ සතුරා; ගුරුළා.
උරල්
(කථා.) වි. මඳ වශයෙන් නරක් වූ; කුණු වෙන්නට ගිය; පල් වූ.
උරවට
නා.ප්ර. උර පෙදෙස.
උරවනය
නා. උරා බීමට ආධාර වන අවයවය; චූෂණේන්ද්රිය.
උරවනවා
1. ක්රි. උරන්නට සලස්වනවා; බී ගන්නවා; චූෂණය කරනවා.
2. ක්රි. කැණිමඬල තුළට පරාල වද්දවනවා; පරාල සවිකරනවා.
උරවැඩි
වි. ළයෙහි වැඩුණා වූ; ඇති දැඩි කළ; හදා වඩා ගත්; පෝෂිත.
උරවැර
(කථා.) නා.ප්ර. ළයෙහි ශක්තිය; ශරීර ශක්තිය; කායබලය.
උරවැල්
නා.ප්ර. උඩරට නැට්ටුවන් දකුණු අංශයේ පලඳින රන් මාලයක්; තවඩම් වැල.