සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 355
එකහෙළා
1. ක්රි.වි. එක්වර; එකපැහැර.
2. ක්රි.වි. ස්ථිර ව; නිශ්චය වශයෙන්; ඒකාන්තයෙන්.
එකහෙළි
වි. එක සේ ආලෝක වූ; ඒකාලෝක.
එකළු
වි. ඒකාකාර වූ; සමාන වූ.
එක් පටුව
නා. කැසපට; පිටපට.
එක් සැණෙන්
ක්රි.වි. මොහොතකින්; ක්ෂණයකින්; සැණෙකින්.
එක්කලු දොර
[එක් + අලුදොර]
නා. එක් කවුළුව; එක් වාතපානය.
එක්කිච්ඡාවචන
එක්ටැම්ගෙය
නා. එක් කණුවක් මත සෑදූ ගෙය; එකපා විමන; එකස්ථම්භ ගෘහය.
එක්තරම්
වි. එක පමණ; එක්තරා ප්රමාණයක වූ; සුදුසු.
එක්තරා
වි. සමූහයකින් එක්; කීපයකින් එකක් වූ; යම්කිසි හෝ එක්.
එක්තැන්
නා.ප්ර. එක තැන; එක ස්ථානය; එක් තැනැත්තා.
එක්දරුමා
නා.ප්ර. එක් දරුවකු පමණක් වැදූ මව.
එක්දළ
නා.ප්ර. එක්දළයක් ඇති සේ ප්රකට තැනැත්තා; ගණ දෙවියා.
එක්දැසි
වි. එක සමාන; ඒකාකාර; ඒකසදෘශ.
එක්පහන්
වි. මුළුමනින් ම ආලෝක වූ; ඒකාලෝක වූ.
එක්පෑහුම් කරනවා
(කථා.) ක්රි.වි. වී පළමු වරට වනේ දමා කොටවනවා.
එක්බා
නා.ප්ර. එක් භාගය; එක් කොටස.
එක්බාන්කුදය
නා. (කමත්.) (ගොයම් කොළයක් මැඩීම සඳහා යොදන) එකට බඳින ලද ගවයන් තිදෙනා.
එක්බැඳි
වි. එකට බැඳුණු; එකට යා වූ; ඒකාබද්ධ.
එක්බුමු
වි. එක් මහලක් හෙවත් තලයක් ඇති.
එක්මංසල
නා. අතුරුමාර්ගයක් (ප්රධාන) මාර්ගයකට සම්බන්ධ වන සන්ධිය.
එක්රැස්
නා.ප්ර. එක ගොඩ; ඒකරාශිය.
එක්ලස්
වි. පිළිවෙළක් ඇති; ක්රමවත්.
එක්වන
1. වි. ඒකාකාර; එක වාගේ; එක සමාන; සමාන රූ ඇති.
2. වි. පළමු වැනි; ප්රථම.