සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 356
එක්වන්
1. ක්රි.වි. ඒකාකාර; එක හා සමාන; සමාන.
2. ක්රි.වි. නිතර; නිරන්තරයෙන්; අනවරතයෙන්.
3. ක්රි.වි. එකට; සමඟ.
එක්වැටි
නා.ප්ර. එක් පටකින් යුත් මාල විශේෂයක්; සිවුසැට ආභරණයන්ගෙන් එකක්.
එක්සත්
1. වි. එක රාජ්ය නායකයකුගේ පාලනය යටතට පත්; එක රජකු විසින් පාලනය කරනු ලබන; ඒකච්ඡත්ර.
2. වි. එකමුතු; සමගි සම්පන්න.
එක්සම
වි. එක හා සමාන; ඒකාකාර.
එක්ස්කිරණ
(පාරිභා.) නා.ප්ර. සාමාන්ය ආලෝක තරංගවලට විනිවිද යා නොහැකි පදාර්ථ විනිවිද යනසුලු විද්යුත් චුම්බක තරංග (=X-rays).
එක්සීමා
(පාරිභා.) නා. හමෙහි ඇති වන ප්රදාහයක්; කඩුවේගන් විශේෂයක් (=eczema).
එක්සේසත්
වි. එක් රාජ්ය නායකයකුගේ පාලනය යටතට පත්; ඒකච්ඡත්ර.
එක්හස්
වි. ඒකාකාර; එක සමාන.
එක්හළු
වි. එකළු.
එකාවන්
වි. ඒකාකාර; එක සමාන.
ක්රි.වි. නිරන්තරයෙන්; නිතරම.
එකැති
වි. නියත; ඒකාන්ත.
එකැස්
වි. එක ඇසක් පමණක් ඇති.
එකැස් බෙරය
නා. එක් ඇසක් (හම බැඳි තලයක්) පමණක් ඇති බෙරය.
එකෑවර
එකිනෙක
[එකින් + එක]
නා. තනි තනි; එක එක.
එකුන්
වි. එකකින් අඩු වූ; එකකින් ඌන වූ.
එකෙණෙහි
ක්රි.වි. ඒ මොහොතෙහි; ඒ ඇසිල්ලෙහි; ඒ ක්ෂණයෙහි; එවිගස.
එකේලි
වි. එක එල්ලට වී; ඍජු; කෙළින්.
එකෝලියම
(කථා.) නා. කමතෙහි කාටු හෙවත් රොඩු පිස දා වෙන් කිරීම පිණිස කටු අතුවලින් සාදා ගැනෙන අතුමිටිය; පඹ අත්ත.
එගොඩ
(කථා.) නා. ජලාශයක එහා පැත්ත; එතෙර; සීමාවකින් ඔබ්බ; පාරිමතීරය.
එගොඩ කරනවා
ක්රි. ගං හෝ ආදි ජලාශයකින් එතෙර කරනවා; නියමිත සීමාව ඉක්මවනවා; පමුණුවනවා.
එච්චර
නා. එ විතර; එ පමණ; ඒ තරම්; ඒ ප්රමාණය.
එච්චිකම
නා. ලෝභකම; මසුරුකම.
එඩිතර
වි. නිර්භීත; අභීත; ප්රෞඪ.