සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 365

ඒකපරිමාණය

(පාරිභා.) නා. ඒකබල පරිමාණය; රේඛීය පරිමාණය.

ඒකප්‍රතිවේධය

නා. (අභි.) එක්වර ම අවබෝධ වීම; ක්ෂණයෙන් පහළ වූ අවබෝධ ඥානය.

ඒකප්‍රාණී

වි. තමන්ගේ පණ මෙන් හිතැති; ප්‍රියතම.

ඒකපාක්ෂික

1. වි. එක් පක්ෂයක් හෝ පැත්තක් පමණක් නියෝජනය කරන.
2. (පාරිභා.) (නීති.) වි. තනි පක්ෂයක් ඇති (=ex parte).

ඒකපාදී

(පාරිභා.) වි. එක ම ප්‍රාථමික අක්ෂයකින් අග්‍රාභිසාරී ව ශාඛා බෙදන (=monopodial).

ඒකපාර්ශ්වික

(පාරිභා.) වි. එක් පාර්ශ්වයකට හෙවත් පැත්තකට අයත් (=unilateral).

ඒකපිටකධරයා

නා. තුන්පිටකයෙන් එකක (කටපාඩමින්) දත් තැනැත්තා.

ඒකපිණ්ඩ

වි. ලේ නෑකමක් ඇති.

ඒකපිධාන

වි. එක් පියනක් ඇති.

ඒකපුද්ගල ආදායම

නා. රටේ මුළු ආදායම ජනගහනයෙන් බෙදූ විට ලැබෙන ආදායම (=per capita income).

ඒකපුද්ගල පරිභෝජනය

නා. රටේ මුළු පරිභෝජනය කරන ප්‍රමාණය ජනගහනයෙන් බෙදූ විට ලැබෙන ප්‍රමාණය; එක් අයකු සාමාන්‍යයෙන් පාවිච්චි කරන ප්‍රමාණය (=per capita consumption).

ඒකපුෂ්පධාරී

(පාරිභා.) වි. එක ම මලක් පමණක් දරන (=uniflorus).

ඒකපේටික

(පාරිභා.) වි. ඒක පරාගධානි ඛණ්ඩිකාවක් පමණක් ඇති (=monothecous).

ඒකඵල ශ්‍රිතය

(පාරිභා.) නා. එක අගයක් පමණක් තිබෙන ශ්‍රිතය (=single valued function).

ඒකබලධාරී

වි. තනි බලයලත්; අසහාය බලධාරී.

ඒකබාහු

නා. එක බාහුවක් ඇති තැනැත්තා; ගණ දෙවිඳු.

ඒකබීජ

1. (පාරිභා.) වි. එක් බීජයක් පමණක් තිබෙන (= monospermous).
2. වි. එක් ඩිම්බයකින් හටගත් (=uniovular).

ඒකබීජපත්‍රය

(පාරිභා.) නා. ඒකබීජපත්‍රි ශාකයක කලලයෙහි හෝ බීජ පැළයෙහි තිබෙන තනි බීජපත්‍රය; බීජයක තිබෙන තනි පියල්ල.

ඒකබීජි

වි. (අභි.) සෝවාන් පුද්ගලයකු ලෙසින් නැවත එක් වරක් පමණක් උපදින.

ඒකබුද්ධධාරණීය

වි. එක ම බුදුවරයකු දැරිය හැකි; සකල ලෝකධාතුව පිළිබඳ ව කියනු ලැබේ.

ඒකභක්තික

වි. දවසට එක් වේලක් ආහාර ගන්නා; මධ්‍යාහ්න කාලය දක්වා පමණක් වළඳන.

ඒකභාර්යා පතිතාව

නා. එක් භාර්යාවකට පමණක් ස්වාමියා වීම; ඒකභාර්යා සේවනය.

ඒකභාස්මික අම්ලය

(පාරිභා.) නා. හයිඩ්රජන් පරමාණු එකක් පමණක් තිබෙන්නා වූ ද ලවණ ශ්‍රේණි එකක් පමණක් උපයා දෙන්නා වූ ද අම්ලය (=monobasic acid).

ඒකභුජ

(පාරිභා.) වි. එක ශාකයක දී එක අක්ෂයක් පමණක් පැන නඟින බහු අක්ෂ වූ මංජරියක් ඇති (=uniparous).

ඒකභූමක

වි. එක් බිමක් ඇති; එක් මහලක් ඇති.