සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 364
ඒකදීක්ෂිත
වි. අසහාය කැපවීමක් ඇති; එක ම අභිප්රේතයක් සඳහා කැප වූ.
ඒකදීපායමාන
වි. එක් පහනක් වැනි; එක ම ප්රදීපයක් බඳු.
ඒකදේශය
නා. සමස්තයක එක කොටස; සම්පූර්ණ දෙයකින් කොටස.
ඒකදේහයා
1. නා. ශෝභන රූපයක් ඇත්තා.
2. නා. බුධ ග්රහයා.
ඒකධර්මානුසාරය
[ඒකධර්ම + අනුසාරය]
නා. එක ම ධර්මයක් අනු ව යෑම; එක ම නීතියක් අනුගමනය කිරීම.
ඒකධ්රැව
1. (පාරිභා.) වි. එක ම ධ්රැවයක් ඇති (= co-polar).
2. වි. එක් ධ්රැවයක් හෙවත් තන්තුවක් තිබෙන ස්නායු සෛල පිළිබඳ වූ (=unipolar).
ඒකධායෙන්
ක්රි.වි. එක්වර ම; සැණෙකින්.
ඒකධාරා
වි. එක පැත්තක් පමණක් කැපෙන (මුවාත ඇති) තලයකින් යුත්.
ඒකන්ත
වි. නියත; නිශ්චිත; නියම.
ඒකන්තරික
වි. එකක් හැර එකක් ඇති; එක් අතරක් ඇති.
ඒකනාද
වි. එක ම නාදයක් ඇත්තා වූ; මහත් හඬින් යුත්.
ඒකනාභික
(පාරිභා.) වි. පොදු නාභියක් හෝ නාභි ඇති (=con- focal).
ඒකනායක
නා.ප්ර. එක ම ප්රධානයා; අසහාය නායකයා.
ඒකනින්නාදය
නා. එක ම ගිගුම් දීම; එක ම ඝෝෂාව; රැව් පිළිරැ ව් දීම.
ඒකපණ්ණ(පර්ණ)ච්ඡත්රය
නා. තනි කොළයකින් සාදාගත් කූඩය; තල්පත් වැනි එක ම පත්රයකින් කළ ඡත්රය.
ඒකපත්නී ව්රතය
නා. එක ම ස්වාමිපුරුෂයා කෙරෙහි පමණක් භක්තිය දක්වන භාර්යාවකගේ පැවැත්ම.
ඒකපද
(පාරිභා.) නා.ප්ර. එක් පදයකින් පමණක් සමන්විත වීජගණිතමය ප්රකාශනයක් පිළිබඳ වූ (=monomial).
ඒකපදකරණීය
(පාරිභා.) නා.ප්ර. එක පදයකින් සෑදුණු රාශිය (=monomial surds).
ඒකපදික
1. වි. තනි කෙනෙකුට පමණක් යා හැකි.
2. වි. එක් පදයකට හෙවත් වචනයකට සීමා
ඒකපදිකයා
නා. එක් පාදයක් ඇති තැනැත්තා.
ඒකපරමාණුක
(පාරිභා.) වි. එක් පරමාණුවකින් සෑදුණු (=monoatomic).
ඒකපර්ශුක
(පාරිභා.) වි. තනි ප්රධාන මැද නාරටියක් සහිත (=unicostate).
ඒකපරායණ
නා.ප්ර. එක ම පිහිට; එක ම සරණ; අසහාය සරණ.
ඒකපරිනම්ය
(පාරිභා.) වි. පද්ධතියක පීඩනය, උෂ්ණත්වය, සංයුතිය ආදි විචල්යවලින් එකක් පිළිබඳ වූ හෝ එකක් හා බැඳුණු (=monovariant).