සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 366
ඒකමතික
වි. එක ම මතය දරන; සමාන මත ඇති.
ඒකමාතෘක
වි. එක ම මවක් ඇති; එක කුස උපන්.
ඒකමූලික
වි. එක ම හේතුවක් හෝ ආරම්භයක් ඇති.
ඒකරන්ධ්ර
වි. එක් සිදුරක් ඇති; ඒකච්ඡිද්ර.
ඒකරාශි වෙනවා
ක්රි. එක ගොඩකට එකතු වෙනවා; එක් රැස් වෙනවා.
ඒකරාශිභූත
වි. එක රාශියකට හෙවත් ගොඩකට එකතු වූ; එක් රැස් වූ.
ඒකරූප
වි. සමාන රූප ඇති; ඒකාකාර.
ඒකරේඛීය
(පාරිභා.) වි. එක ම සරල රේඛාවෙහි පිහිටි (=collinear).
ඒකලක්ෂ්ය
(පාරිභා.) වි. එක ම ලක්ෂ්යයේ දී හමු වන්නා වූ; එක ම පොදු ලක්ෂ්යයක් ඇත්තා වූ (=concurrent).
ඒකලිංගික
(පාරිභා.) වි. පැහැදිලිව ම පුරුෂ ලක්ෂණ හෝ ස්ත්රී ලක්ෂණ හෝ පමණක් තිබෙන; ස්ත්රී ලිංගික හෝ පුරුෂ ලිංගික (=unisexual).
ඒකලිඞ්ගික පුෂ්පය
(පාරිභා.) නා. පුමංගී හෝ ජායාංගී හෝ යන වශයෙන් එක් ලක්ෂණයක් දරන පුෂ්පය (=unisexual flower).
ඒකලේසය
නා. ස්වල්ප කොටස; අල්පමාත්රය.
ඒකවචනය
නා. එක තැනැත්තකු හෝ එක දෙයක් හෝ එක් භාවයක් හෝ ප්රකාශ කරන වචනය.
ඒකවර්ණ
1. නා.ප්ර. එක ශබ්දය හෝ අක්ෂරය.
2. නා.ප්ර. එක පාට; සමාන වර්ණ.
(පාරිභා.) වි. එක තරංග ආයාමයක් ඇති ආලෝකය පිළිබඳ වූ (=monochromatic).
ඒකවාරදන්තී
(පාරිභා.) වි. කිරිදත් සහ ස්ථිරදත් යනුවෙන් කාණ්ඩ දෙකක් නැති ව එක ම දත් කාණ්ඩයක් පමණක් තිබෙන (=monophyodont).
ඒකවිධ
වි. එක් වැදෑරුම්; ඒකාකාර; සමාන ප්රභේද නැති.
ඒකවිධ ශ්රිතය
(පාරිභා.) නා. නැවත නැවත ඇතිවීමේ ලක්ෂණය ඇති ක්රියාකාරීත්වය (=monotonic function).
ඒකවිහාරී
වි. හුදකලා ව වාසය කරන; තනි ව වසන.
ඒකවීසති
නා.ප්ර. එකක් වැඩි විස්ස; විසිඑක.
ඒකවෘත්ත
(පාරිභා.) වි. එක ම චක්රයේ හෙවත් පරිධියෙහි පිහිටා තිබෙන (=concyclic).
ඒකශ්රැති ඥානය
නා. එක් වරක් ඇසීමෙන් පමණක් පහළ වන ඥානය හෙවත් දැනීම.
ඒකශ්රැතිය
නා. එක් වරක් ඇසීම.
ඒකශ්රේණික
(පාරිභා.) වි. තනි පේළියක් හෝ ශ්රේණියක් හෝ තට්ටුවක් හෝ වශයෙන් සෑදුණු (=uniseriate).