සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 367
ඒකශාඛය
(පාරිභා.) නා. ප්රධාන අක්ෂරයකින් එක් ශාඛාවක් බැගින් හටගන්නා බහු අක්ෂ පුෂ්ප මංජරිය (=monochasium).
ඒකශෘංග
නා. කඟවේණකුට මෙන් එක් අඟක් ඇති.
ඒකසංඛ්යාකරණිය
වි. කෙළින් ම පිළිතුරු දී විසඳිය යුතු; ඒකාන්තයෙන් ම විසඳිය යුතු.
ඒකසංයුජ
1. (පාරිභා.) වි. සංයෝග ශ්රේණි එකක් පමණක් සාදන්නා වූ; සංයුජතාව එකක් වූ (=univalent).
2. හයිඩ්රජන් පරමාණු එකක් හෝ එහි සමකය හෝ සමග සංයෝජනය විය හැකි (=monovalent).
ඒකසදෘශ
වි. ඒකාකාර; එක් වැනි; එක හා සමාන.
ඒකසම්භවය
නා. එක ම මූලයකින් ඇති වීම; එක ම ආරම්භයකින් පටන් ගැනීම.
ඒකස්තම්භ ගෘහය
නා. එක ම කණුවක් හෝ කුලුනක් මත සෑදූ ගෘහ විශේෂය; එක්ටැම්ගෙය.
ඒකස්ථ
වි. එකට සිටින; එක් වූ.
ඒකස්ථානජ
වි. එක ම ස්ථානයෙන් උපදින.
ඒකස්ථානය
(පාරිභා.) නා. එකට අයත් ස්ථානය; එකට හිමි තැන (=units place).
ඒකස්වනය
(පාරිභා.) නා. තාරකා අතර ඇති ගැළපීම නොහොත් එකඟබව (=unison).
ඒකස්වභාවය
නා. එක ම ධර්මතාව; ඒකත්වය.
ඒකස්වර
වි. (ව්යාක.) එක ස්වරයක් ඇත්තා වූ; ඒකාක්ෂර පදයක් ඇත්තා වූ.
ඒකස්වරූප
වි. එක සමාන; එක ම හැඩරුව ඇති.
ඒකස්වාමි
නා.ප්ර. එක ම ස්වාමියා; අසහාය නායකයා.
ඒකසුගන්ධ
වි. සම්පූර්ණයෙන් සුවඳවත් වූ; එකහෙළා පැතුරුණු සුවඳින් යුත්.
ඒකසෛලික
(පාරිභා.) වි. එක සෛලයකින් හෙවත් කෝෂයකින් යුක්ත වූ (=unicellular).
ඒකසෛලිකයා
නා. ඇමීබා ගණයට අයත් ජීවියකු සේ එක සෛලයක් හෙවත් කෝෂයක් ඇති සත්ත්වයා (=protozoan).
ඒක්ෂණ චක්රය
(පාරිභා.) නා. විශේෂයෙන් ව්යාපාරික කටයුතු- වලට අවශ්ය පරිදි ගණන් බැලීම පහසු කර ගනු පිණිස පිළියෙල කොට ඇති ගණිත වගුව (=ready reckoner).
ඒක්ෂණ ණය
(පාරිභා.) නා.ප්ර. වාණිජ බැංකුවලින් ඉතා කෙටි කලකට දෙනු ලබන ණය (=call loans).
ඒක්ෂණ මුදල්
(පාරිභා.) නා.ප්ර. ඉල්ලූ විටෙක ආපසු ගෙවීමේ පොරොන්දුව පිට ගිවිසගත් පොලී අනුපාත සහිතව බැංකුවලින් වට්ටම් ආයතනවලට දෙනු ලබන ණය මුදල් (=call money).
ඒක්ෂණ ස්විච්චිය
(පාරිභා.) නා. සැණෙකින් විදුලිධාරා වෙන් කිරීමේ ක්රියාකාරීත්වයක් ඇති තනි කම්බියේ විදුලි ස්විච්චිය(=tumble switch).
ඒක්ෂණය
නා. එක මොහොත; එක ඇසිල්ල.
ඒකාං(ඞ්)ග ප්රවේණිය
(පාරිභා.) නා. ජාන හෙවත් ප්රවේණ්යණු යුගල එකක් සම්බන්ධ උරුමය; ප්රවේණ්යණු දෙකක් එක් වී සෑදුණු ඒකකයකින් අත් වන උරුමය (=monohybrid inheritance).
ඒකාංක නාට්යය
නා. එක ම ප්රධාන සිද්ධියක් වටා විකාශනය වන නාට්යය; එක ජවනිකාවක් පමණක් ඇති නාට්යය හෝ නාටකය.