සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 368
ඒකාංකය
නා. කොටස් කීපයකින් යුත් සමස්තය; ඒකකය; පවුල.
ඒකාංගණය
[ඒක + අංගණ]
නා.ප්ර. එළිමහන; එක ම මළුව; පැහැදිලි ව පෙනෙන සමතලා බිම් පෙදෙස.
ඒකාංගයා
නා. අද්විතීය හෙවත් අසහාය ශරීරයක් ඇති තැනැත්තා යන අර්ථයෙන් බුධ ග්රහයා.
ඒකාංශ පාරුපනය
නා. එක් උරයක් පමණක් වැසෙන සේ සිවුර පෙරවීම.
ඒකාක්ෂ
(පාරිභා.) වි. ඒකාක්ෂයක පිහිටි.
ඒකාක්ෂ වෘත්ත
(පාරිභා.) නා.ප්ර. එක අක්ෂයක් වටා ඇති වෘත්ත (=coaxial circles).
ඒකාක්ෂය
1. (පාරිභා.) නා. තනි අක්ෂය; එක ම අක්ෂය.
2. නා. ශාඛා නොබෙදුණු පුෂ්ප මංජරිය.
ඒකාක්ෂර බන්ධනය
නා. එක අකුරක් භාවිතයෙන් නොයෙක් අරුත් පළ කරන කාව්ය ප්රබන්ධය.
ඒකාකාර
[ඒක + ආකාර]
වි. එක හා සමාන; එක ම පිළිවෙළක් හෝ හැඩයක් ඇති; එක් වැනි.
ඒකාකාර චලිතය
(පාරිභා.) නා. වස්තුවක එක සමාන වේගයකින් හෝ ප්රවේගයකින් වන ගමන (=uniform motion).
ඒකාකාර ත්වරණය
(පාරිභා.) නා. එක හා සමාන ව ප්රවේගය වැඩි වීම; සමාන කාලසීමාවල දී වැඩි වන සමාන ප්රවේග ප්රමාණය.
ඒකාකාර ප්රවේගය
(පාරිභා.) නා. නිශ්චිත දිශාවක් කරා ක්රියා කරන එක සමාන වේගය (=uniform velocity).
ඒකාකාර මන්දනය
(පාරිභා.) නා. ගමන් කරන වස්තුවක ප්රවේගය ඒකාකාර ලෙස අඩු වීම හෙවත් ඍණත්වරණය (=uniform retardation).
ඒකාකාරී
වි. එක ම ආකාරයේ ස්වභාවයකින් යුක්ත.
ඒකාග්ර
1. වි. එක් අරමුණක් ඇති; එකඟ වූ සමාධියෙන් යුත්.
2. (පාරිභා.) වි. එක ම මධ්යයකට යොමු වන(=convergent).
ඒකාග්රතාව
නා. එක් අරමුණක පිහිටුවා ගැනීම (=concentration).
ඒකාඥා
ඒකාණ්ඩප
[ඒක + අණ්ඩප]
(පාරිභා.) වි. එක අණ්ඩපයක් ඇති (= monocarpellary).
ඒකාණුක
ඒකාණුක පටලය
(පාරිභා.) නා. එක අණුවක ඝනකම ඇති පටලය හෙවත් සියුම් සිවිය (= unimolecular film).
ඒකාතපත්ර
[ඒක + ආතපත්ර]
වි. එක් රජකුගේ අණසකට යටත් වූ; එක ම සේසතක් යටතෙහි වූ.
ඒකාත්ම
1. වි. තනි; හුදකලා.
2. වි. එක ම ආත්මය වැනි; එක පණ වැනි; එකසමාන.
නා.ප්ර. තනි ආත්මය; එක ආත්මය.