සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 396
කඩ කැටිය
නා. රෙදි කැබැල්ල.
කඩ ගහනවා
ක්රි. කෑලිවලට කපනවා; දෙකට කපනවා; පොලු ගහනවා.
කඩ පිල
1. නා. කඩයක හෝ සාප්පුවක ඉදිරිපසෙහි ප්රදර්ශනය කොට විකිණීම පිණිස බඩු තැබීම සඳහා හෝ වාඩිවීම සඳහා සාදා ඇති වේදිකා විශේෂයක්.
2. නා. කඩපළ.
කඩ පෙනෙල්ල
නා. ගිනි පෙනෙල්ල; පිළිස්සී ඉතිරි වූ දරකැබැල්ල.
කඩ පොට්ටනිය
නා. (යමක්) රෙදි කඩක දමා බැඳ ගන්නා ලද පොට්ටනිය.
කඩ පොල්ල
නා. රෙදි කැබැල්ල; රෙදිකඩ.
කඩ මණ්ඩිය
නා. කඩ පළ.
කඩ මැටි බඳිනවා
ක්රි. මුවට මුව සිටින සේ භාජනයක් තවත් භාජනයකින් වැසීමේ දී සන්ධි වන තැන වටේ රෙදි කඩක් ඔතා ඒ මත මැටි ආලේප කරනවා.
කඩ මැස්ස
නා. භාණ්ඩ තබා විකිණීම පිණිස කඩයක ඉදිරිපස සාදනු ලබන මැස්ස; බඩු විකිණීම සඳහා තාවකාලිකව තනා ගන්නා තැන.
කඩ ලණුව
නා. මාදැල් මන්දක අගට බඳින කඹය.
කඩ වස්ත්රය
නා. රෙද්ද; වස්ත්රය.
කඩ වැටිය
නා. රෙදිකැබැල්ලක් අඹරා තැනූ වැටිය; පහන් වැටිය.
කඩ වීදිය
නා. වෙළඳසැල් පිහිටි වීදිය හෝ ප්රදේශය.
කඩ වෙනවා
1. ක්රි. කැඩෙනවා; බිඳෙනවා; සුන් වෙනවා.
2. ක්රි. උල්ලංඝනය වෙනවා.
කඩ හුලහ
(පාරිභා.) නා. ඍජුකෝණාකාර දාර දෙකක් එක හා සමානව ගෙවී යන සේ ගාන ලද (ලීයක හෝ ලෝහයක) හුලහ (=chamfered edge).
කඩඅතු
නා.ප්ර. සිවුර මැසීම සඳහා කපාගනු ලබන රෙදි කෑලි.
කඩක්කට්ටු
1. (කථා.) නා.ප්ර. කැවිලි වර්ග ගෙන යන මල්ල; කැවිලි පෙට්ටිය.
2. ගෙදරක බඩුමුට්ටු.
කඩක්කරය
1. නා. (නියරක) කැඩුණු බිඳුණු තැන.
2. නා. මුහුදු වෙරළ.
කඩචෝරු
(කථා.) නා.ප්ර. කඩවල සාදනු ලබන සුළු කෑම වර්ග, නිවසේ පිළියෙල කරනු ලබන කෑමවලට වඩා රසය හා ගුණය අතින් පහත් බව හැඟවීමට යෙදේ.
කඩත්තර
(කථා.) වි. අතරතුර සිදු වන; කඩින් කඩ ඇති වන.
කඩතුරාව
නා. යමක් මුවා කිරීමට එල්ලන ලද තිරය; වැස්ම; මුවාව.
කඩතොල්ල
1. නා. යමක් වැදීමෙන් ඇතුළට එබී ගිය හෝ කැඩුණු තැන; මුවාත කැඩී බිඳී ගිය තැන.
2. නා. මුහුදු ජලය ගොඩබිම තුළට කාවැදී සෑදුණු මුහුදු බොක්ක.
3. නා. පලුද්ද; දෝෂය; අඩුපාඩුව.
කඩතොල්ලා
(කථා.) නා. වාචාලයා; ඕපදූපකාරයා.
කඩදත්
නා.ප්ර. කැඩුණු හෝ දිරාගිය දත්.