සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 395
කටුවන්
(කථා.) නා.ප්‍ර. සිප්පි කටු පුලුස්සා සාදාගන්නා හුනු; බුලත් විටට ගන්නා හුනු.
කටුවා
1. නා. බලු, ගව ආදි සතුන්ගේ ශරීරයේ සම මතුපිට බෝවෙන කෘමි විශේෂයක්.
2. නා. ඉත්තෑවා.
3. නා. කෙට්ටු ශරීරයක් ඇති තැනැත්තා හෝ සතා; කැහැට්ටා.
4. නා. අනුන්ට කරදර කරන තැනැත්තා; කලහකාරයා; හතුරා.
කටුවැඩ
නා.ප්‍ර. දළ සටහන; සකස් නොකළ මුල් සටහන.
කටුවෙදකම
නා. ඇතැම් රෝගවල දී ශරීරයේ නියම කොට ඇති තැන් සඳහා ලෝහකටු ගැසීමෙන් ප්‍රතිකාර කරනු ලබන චීන වෛද්‍ය ක්‍රමයක්; කටු චිකිත්සාව.
කටුසර
නා.ප්‍ර. හේන්වල වපුරන වී හැර වෙනත් ධාන්‍ය වර්ග.
කටොල්
නා.ප්‍ර. දැඩි දුක්; බලවත් වේදනා.
කඨල
1. නා.ප්‍ර. මැටි බඳුන් කැබලි; කැබලිති.
2. නා.ප්‍ර. බොරලු.
කඨින
වි. දැඩි; තද; රළු; කර්කශ.
කඨින චීවරය
නා. වස් පවාරණය කළ සංඝයාට පමණක් පූජා කරන විශේෂ සිවුර.
කඨින ජලය
(පාරිභා.) නා. කැල්සියම් සහ මැග්නීසියම් ලවණ දිය වී ඇති නිසා සබන් පෙණ පහසුවෙන් නොසෑදෙන ජලය (=hard water).
කඨින පින්කම
නා. (විනය.) වස් පවාරණයෙන් පසු චීවර මාසය තුළ කඨින චීවරය පූජා කිරීම නිමිත්තෙන් පැවැත්වෙන පින්කම.
කඨිනය
1. නා. කඨින චීවරය.
2. නා. කඨින පින්කම.
කඨෝර
1. වි. දැඩි; තද.
2. වි. නපුරු; දරුණු; ක්‍රෑර.
3. වි. අප්‍රිය; අමිහිරි.
කඩ
1. නා.ප්‍ර. කැබැල්ල; කොටස; භාගය; අර්ධය.
2. නා.ප්‍ර. කපොල්ල; කඩුල්ල; දොරටුව.
3. නා.ප්‍ර. පහන් වැටිය.
4. නා.ප්‍ර. වෙළඳ සල; සාප්පුව.
5. නා.ප්‍ර. වංශය; පරම්පරාව.
6. නා.ප්‍ර. ඊය: ශරය.
7. නා.ප්‍ර. කැලෑව; වනය.
වි. කැඩුණු; බිඳුණු; වෙන්වුණු.
කඩ අඬුව
නා. කුඹුරක නියර වතුරට කැඩී යෑමෙන් සැදුණු කපොල්ල.
කඩ ඇණය
නා. කරත්ත රෝදය ගැලවී නොයෑම පිණීස අලවංගුවකට සවි කරන ඇණය.
කඩ ඉම
1. නා. ඉම; සීමාව.
2. නා. ගමකින් ගමක් වෙන් කරන මායිම; නගර හෝ ග්‍රාම සීමාව.
කඩ ඉරි
(පාරිභා.) නා. භූමි ලක්ෂණ සිතියම්වල බෑවුම දැක්වීම සඳහා අඳින ඉරි (=hachures).
කඩ ඉරුව
1. (කථා.) නා. ඉරන ලද ලී කැබැල්ල; ඉරා අස්කරන ලද පිටපළුව.
2. නා. පාරුවේ යටි පැත්තේ අංශ දෙකේ දිග අතට දමා තිබෙන ඔරු පළු දෙක.
කඩ උන්න
නා. ආහාර, ඖෂධ ආදිය වාෂ්පයෙන් තම්බා ගැනීම පිණිස සැළි කටෙහි බඳින රෙදි කෑල්ල; වණ්ඩුව; කඩපිම්ම.
කඩ කපනවා
ක්‍රි. සිවුරක් මැසීම සඳහා වස්ත්‍රයක් කපා කොටස් කරනවා.
කඩ කබල
නා. බිඳුණු මැටි බඳුන.
කඩ කරනවා
1. ක්‍රි. කැබලිවලට කඩනවා හෝ කපනවා.
2. ක්‍රි. (නීතිය, නියමය, අණ ආදිය) නොසලකා හරිනවා; බිඳ දමනවා.