සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 397

කඩදහි කල්කය

(පාරිභා.) නා. දැව, පිදුරු, ඉවත දමන කඩදාසි ආදිය පල් කොට රසායනික විපරිණාමයට භාජන කිරීමෙන් (කඩදාසි සෑදීම පිණිස) සාදා ගන්නා පල්පය.

කඩදහිය

1. නා. ලිවීම, ඇඳීම, එතීම ආදිය සඳහා ගැනෙන තුනී පත්‍ර විශේෂය; කරදාසිය.
2. නා. ලියූ හෝ මුද්‍රණය කළ හෝ ලිපිය හෝ ලේඛනය.
3. නා. කඩදාසි කුට්ටමේ කොළය.

කඩදාසි කූට්ටම

නා. ගෘහ ක්‍රීඩා විශේෂයක් සඳහා ගන්නා ඝන කඩදාසි පත් 52කින් යුත් කට්ටලය.

කඩදාසි මුදල්

නා.ප්‍ර. කාසි වෙනුවට මුදල් වශයෙන් භාවිතය සඳහා රජය මගින් මුද්‍රණය කොට නිකුත් කරන මුදල් නෝට්ටු.

කඩදෝලිය

නා. කෙනෙකු උස්සාගෙන යෑමට රෙද්දක් ලී දෙකක බැඳ සාදා ගන්නා දෝලාව.

කඩනවා

1. ක්‍රි. සිඳිනවා; බිඳිනවා; කෑලිවලට වෙන් කරනවා.
2. ක්‍රි. (ගසකින් ගෙඩි, මල් ආදිය) කඩාගන්නවා; නෙළනවා.

කඩපළ

නා.ප්‍ර. වෙළඳසැල් ඇති ස්ථානය; කඩමණ්ඩිය.

කඩප්පුළියා

(කථා.) නා. පාදඩයා; පහත් තැනැත්තා; යහපත් ගතිගුණ නැත්තා; අධමයා.

කඩපැන්

නා.ප්‍ර. හස්න; පණිවුඩය.

කඩපිම්ම

නා. දිය පිරුණු හැළියක කට වසා බැඳි රෙදිකඩ.

කඩබෑවුම

(පාරිභා.) නා. අසමාන තලයකින් යුත් කඳු බෑවුම (=broken slope).

කඩමත්ත

නා. මුහුදු දෙකක් යා කරන පටු මුහුදු තීරුව; සමුද්‍ර සන්ධිය.

කඩමල්ල

නා. දිරා ගිය රෙදි කැබැල්ල; වැරහැල්ල; දිරාපත් රෙදි කැබැල්ල; ඉවත දැමූ වැරහැල්ල.

කඩමිලිය

නා.දිරාගිය රෙදි කැබැල්ල.

කඩමුදුන

නා. ගිරිමුදුන.

කඩය

නා. බඩු විකුණන ස්ථානය; වෙළඳසල.

කඩයප්පම්

නා. කඩවල විකිණීමට ඇති ආප්ප, ඉඳි ආප්ප, පිට්ටු ආදි කෑම වර්ග.

කඩරෑන

නා. රෙදිවලින් අඹරා සාදාගත් රැහැන්පට.

කඩරෙද්ද

නා. දිරාපත් පරණ රෙදි කැබැල්ල; වැරහැලි වූ වස්ත්‍රය.

කඩවට

නා.ප්‍ර. ලාකඩ ගුළි.

කඩවත

නා.ප්‍ර. අ. මාර්ගයේ මුරකාවල් යෙදූ තැන; ප්‍රදේශයකට ඇතුළු වන තැන ඇති මුරපොළ; පළාතක හෝ නගරයක මායිම හෙවත් සීමාව.

කඩවරයා

නා. කඩවර යක්ෂයා; කඩවර දෙවියා.

කඩවසම

1. නා. ප්‍රදේශ සීමාව; ඉම; මායිම; කඩඉම.
2. නා. ප්‍රමාණය; හැඩහුරුකම; ආරෝහ පරිණාහය.

කඩවසම්

වි. මනා රූ සපුවෙන් යුත්; ආරෝහ පරිණාහ සම්පන්න.