සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 696
ඩෝබි
නා.ප්ර. රෙදි සෝදන්නා; වෘත්තිය වශයෙන් රෙදිපිළි සේදීම කරන්නා; රජකයා.
ඩෝරක
නා.ප්ර. විවාහයට පෙර මනාලිය අත බඳින නූල ; කාප්පුව; කෞතුකයා.
ඩෝලක
නා. පෙරදිග වාද්ය විශේෂයක්.
ඩෝලය
නා. බෙර වර්ගයට අයත් වාද්ය භාණ්ඩයක්.
ඩෝලා යන්ත්රය
නා. බෙහෙත් වර්ග ශුද්ධ කිරීමට හෝ තැම්බීමට භාවිත කරන භාජනය.
ඪ
මිශ්ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ තිස්හය වැනි අකුර හා දහසය වැනි ව්යඤ්ජනාක්ෂරය; මූර්ධජාක්ෂරයකි; මහාප්රාණාක්ෂරයකි; ඝෝෂාක්ෂරයකි.
ඪක්කා
නා.ප්ර. විශාල දවුල් වර්ගයක්.
ණ
1. මිශ්ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ තිස් හත්වැනි අකුර හා දහ හත්වැනි ව්යඤ්ජනාක්ෂරය; අල්පප්රාණ අඝෝෂ මූර්ධජාක්ෂරයකි.
2. නා.ප්ර. ණය.
ණය
1. නා.ප්ර. ආපසු දීමට ලබා ගත් මුදල් ආදි වූ දෙය.
2. නා.ප්ර. (පොරොන්දුවක් සේ) අවශ්යයෙන් ම ඉටු කළ යුත්ත; ගැතිබව; යුතුකමෙන් බැඳීම.
3. (පාරිභා.) නා.ප්ර. අනාගතයේ දී (මුදල්) ගෙවීමේ පොරොන්දුව පිට භාණ්ඩ හෝ සේවා අත්පත් කර ගැනීමේ වරප්රසාදය මත කෙනෙකුට උපකාර වන දෙය; ගනුදෙනුවක දී විශ්වාස කරනු ලැබීමට ඇති අයිතිය (=credit).
4. නා.ප්ර. කෙනෙකු විසින් තවත් කෙනකුට ගෙවිය යුතු මුදල (=debt).
5. නා.ප්ර. ණය හිමියකු විසින් ණය ගැතියකුට දෙන ලද මුදල අයිතිකරු විසින් (අයිතිය නොව) වෙනත් කෙනකුට පවරනු ලැබූ දේපළ ප්රතිදේහය (=loan).
ණය අගය
(පාරිභා.) නා. ණයට ගත් මුදලක සම්මත වටිනාකම (=loan).
ණය ඔප්පුව
නා. ණයකරය.
ණය ගැති
වි. ණය ගැනීම නිසා ණය හිමියාගේ ගැත්තා බවට පත් වූ.
ණය ගැතියා
නා. ණය හිමියාට ගැති වූ තැනැත්තා.
ණය ගිණුම
(පාරිභා.) නා. ඉදිරි දිනයක ගෙවිය යුතු ණයක් පිළිබඳ ගිණුම (=loan account).
ණය පරිවර්තනය
(පාරිභා.) නා. කෙනකුගේ ණය වෙනත් කෙනකුට පැවරීම; ණය හැරවීම (=debt conversion).
ණය ප්රතික්ෂේපය
(පාරිභා.) නා. ණය වී ඇති බව නොපිළිගැනීම (=debt repudiation).
ණය ප්රමාණනය
(පාරිභා.) නා. වාණිජ නියෝජිතායතනයක් විසින් ගනුදෙනු පිළිබඳ කෙරෙන තක්සේරුව (=credit rating).
ණය ප්රාග්ධනය
(පාරිභා.) නා. ව්යාපාරයක ආයෝජනය කර ඇති ණය මුදල් ප්රමාණය (=loan capital).
ණය මංගල්යය
නා. (ක්රිස්ති.) ක්රිස්තුස්වහන්සේගේ සේවය සඳහා ණය යුක්තිය ඉටු කිරීම් වසයෙන් පැවැත්වෙන ආගමික උත්සවය.
ණය මණ්ඩලය
නා. රජයේ හා ඇතැම් සංස්ථාවල සේවකයන්ට ණය දීම සඳහා පිහිටුවා ඇති
ණය දෙන ආයතනය.
ණය යුක්තිය
නා. (ක්රිස්ති.) සේවාව සඳහා ණය ගෙවීමේ යුතුකම.
ණය සමථය
(පාරිභා.) නා. ණය ගෙවීම පිළිබඳ ව ඇතිකර ගන්නා සම්මතය. (=composition).
ණය සැනසුම
(පාරිභා.) නා. ණය ගත් තැනැත්තාට එය ආපසු ගෙවීම පිළිබඳ ව දෙන පහසුකම (=debt conciliation).
ණයකර පත්රය
(පාරිභා.) නා. (ලිපිය) රැගෙන එන්නාට යම්කිසි ප්රමාණයක් දක්වා ණය මුදල් දීමට බලය පවරන ලිපිය (=letter of credit).