සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 697
ණයකරය
(පාරිභා.) නා. ලබා ගත් ණයක් සඳහා සමාගමක් විසින් නිකුත් කෙරෙන ඇපය; ඍණ පත්රය (=debenture).
ණයකරු
(පාරිභා.) නා.ප්ර. ණය ලබා ගත් තැනැත්තා (=debtor).
ණයතුරුස්
(කථා.) නා.ප්ර. අධික ණය; ණය පිට ගන්නා ණය.
ණයවරය
(පාරිභා.) නා. (බැංකුවකින් දෙන) ණය සම්බන්ධ ලියවිල්ල; ණය කෙටුම්පත; ණය මුදල් පත (=draft).
ණයහිමියා
නා. ණය දෙන්නා; ණයට දුන් මුදල් භාණ්ඩ ආදියෙහි අයිතිකරුවා.
ණහ
නා.ප්ර. බල්ලා.
ණිහි
නා.ප්ර. ලේලිය.
ඬ
මිශ්ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ තිස්අට වැනි අක්ෂරය; සඤ්ඤක ඩ යන්න; අර්ධ අනුනාසික අක්ෂරයකි; මේ අකුරින් ආරම්භ වන වචන සිංහලයෙහි නැත.
ත
1. මිශ්ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ තිස්නව වැනි අක්ෂරය; දන්තජ අඝෝෂ අල්පප්රාණ අක්ෂරය; ත වර්ගයේ මුල් අකුර.
2. (සර්ව.) (ව්යාක.) ‘ත’ ශබ්ද කාරකය; මධ්යම පුරුෂය.
ත'මයනය
(පාරිභා.) නා. රත් වූ කැතෝඩයකින් විමෝචනය වන ඉලෙක්ට්රෝනයක් (=thermion).
තංගම
නා. පෘතුගීසීන් විසින් ලංකාවේදී භාවිත කළ කාසි විශේෂයක්; තංගම්මස්ස; ටැංගෝ මස්ස.
තංගුස්
නා.ප්ර. බිලී පිති, වයලීන ආදියෙහි යෙදීම සඳහා ගන්නා රසායනික ව නිෂ්පාදිත නූල් විශේෂයක්.
තකට’තක
(කථා.) නා. හරියට ගැළපෙන; බොහෝ කරුණුවලින් එක සමාන වූ.
තකතීරු
වි. මෝඩ; අඥාන; බුද්ධිහීන.
තකනවා
ක්රි. සැලකිල්ලට ගන්නවා; කල්පනාවට ගන්නවා; විමසීමට ලක් කරනවා.
තකන්තහඩු
නා.ප්ර. පෙරහැරවල ගෙනගිය කෘත්රිම අලංකාරවත් මල් සැරසිලි විශේෂයක්.
තකහණිය
1. නා. ඉක්මන; කඩිනම; ලහිය.
2. නා. බලවත් ඕනෑකම.
තක්ක
1. නා.ප්ර. තර්කය.
2. නා.ප්ර. පස්ගෝරසයෙන් එකක්; මෝරු; තක්ර.
තක්කඩියා
නා. රැවිටිලිකාරයා; ප්රයෝගකාරයා; කපටියා; කෛරාටිකයා; ද්රෝහියා; නොහික්මුණු තැනැත්තා; දාමරිකයා.
තක්කණ
(කථා.) නා.ප්ර. තර්ක කිරීම.
තක්කනක්කුව
(කථා.) නා. හෙට්ටු කිරීම; කේවෙල් කිරීම.
තක්කන් කරනවා
ක්රි. ආපසු නොදී අතපසු කරනවා.
තක්කම
1. (කථා.) නා. කම්මැලිකම; අලසකම; ප්රමාදය.
2. නා. කපටිකම; වංචාව; ප්රයෝගය.
3. නා. විවාදය; තරගය.
4. නා. කලබලය; කඩිනම.
5. නා. වැරදීම.
තක්කාහත
වි. තර්ක කරන සුලු; සැක දුරු කරන කල්පනාවෙන් යුත්.