සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 695

ඩෙක්ස්ට්‍රින්

(පාරිභා.) නා.ප්‍ර. පිෂ්ටයෙන් සෑදෙන මෝල්ටෝස් වැනි සීනි විශේෂයක් (=dextrin).

ඩෙක්ස්ට්‍රෝස්

(පාරිභා.) නා.ප්‍ර. සීනි විශේෂයක්; ග්ලුකෝස් (=dextrose).

ඩෙකාග්රෑම්

(පාරිභා.) නා. මෙට්‍රික් ක්‍රමය අනු ව ග්රෑම් දහයක බර ප්‍රමාණය ඇති මිනුම් ඒකකය (=decagram).

ඩෙන්ටින්

නා.ප්‍ර. දතේ බොහෝ කොටස් වැඩීම සඳහා අවශ්‍ය චූර්ණකර ධාතු විශේෂයක්.

ඩෙල්ටා කිරණ

(පාරිභා.) නා. පදාර්ථය තුළින් ඇල්ෆා කිරණ ගමන් ගන්නා විට පදාර්ථ අණුවලින් විසි වන ඉලෙක්ට්‍රෝන (=delta rays).

ඩෙල්ටාව

1. (පාරිභා.) නා. 'ඩ’ ශබ්දය දීම සඳහා ග්‍රීක හෝඩියේ පවතින ත්‍රිකෝණාකාර අක්ෂරය.
2. නා. ඇතැම් ගංගා මෝය ආශ්‍රිත ව දියළු තැන්පත් වීමෙන් ද ඒ මත ද ගංගා දිය බෙදී ගොස් මෝය බහු සංඛ්‍යාවකින් මුහුදට පිවිසීමෙන් ද, ඒ අතර නිර්මාණය වන ත්‍රිකෝණාකාර පෙතැලි සමූහය.
3. නා. ගණිතයෙහි ව්‍යවහාර වන ත්‍රිකෝණාකාර ලකුණ (=delta).

ඩෙසිග්රෑම

(පාරිභා.) නා. ග්රෑමයෙන් දහයෙන් පංගුවක් වන මිනුම් ඒකකයක් (=desigram).

ඩෙසිබෙල්

(පාරිභා.) නා.ප්‍ර. ධ්වනියේ තීව්‍රතාව මැනීමේ ඒකකය; බෙල් එකකින් දහයෙන් පංගුව (=decibel).

ඩෙසිමීටරය

(පාරිභා.) නා. මීටර් ක්‍රමය අනු ව මීටරයකින් දහයෙන් පංගුවක මිනුම් ඒකකය (=decimeter).

ඩොංගාව

(පාරිභා.) නා. කඳු අතර ගැඹුරු නිම්නය; ගිරිකඳුර (=donga).

ඩොක්

නා.ප්‍ර. නැව් නැවැත්වීම, සෑදීම හෝ අලුත්වැඩියාව සඳහා වරායක පවතින විශේෂ තටාකය.

ඩොඟරය

1. නා. ඇස් ගුලිය; ඇසේ මැද කොටස.
2. නා. විශේෂයෙන් ගවයන් සඳහා ලීයෙන් තැනූ මිණිගෙඩි විශේෂයක්; සොකඩය.

ඩොනොමෝර් ආණ්ඩුක්‍රමය

නා. ඩොනොමෝර් කොමිෂන් සභාව විසින් සකස් කරනු ලැබූ ලංකාවේ ආණ්ඩු ක්‍රමය.

ඩොප්ලර් ආචරණය

(පාරිභා.) නා. කම්පන ප්‍රභවයක් නිරීක්ෂකයා වෙතට හෝ ඉන් ඉවතට හෝ ගමන් කරන කල ඇති වන තරංග ආයාමයේ වෙනස (=doppler effect).

ඩොබිය

(පාරිභා.) නා. විවිධ රූප විවීම සඳහා අත් යන්ත්‍රයට සවි කරන උපකරණ කට්ටලය (=dobby).

ඩොමිටරිය

(කථා.) නා. සමූහයක් වාසය කරන තැනක ඇති සයනාගාරය.

ඩොමිනියන්

නා.ප්‍ර. බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් ව පැවතිය ද ස්වාධීන පාලනයක් ගෙන යෑමේ නිදහස ලැබූ රාජ්‍යය.

ඩොලමයිට්

(පාරිභා.) නා.ප්‍ර. කැල්සියම් හා මැග්නීසියම් යන දෙකෙහි කාබනේටයක් වූ පාෂාණ වර්ගයක් (=dolomite).

ඩොලරය

නා. ඇමෙරිකානු මූල්‍ය ඒකකය.

ඩොල්ඩ්‍රම්ස්

නා.ප්‍ර. සමකයෙන් උතුරටත් දකුණටත් පිහිටි 10° අක්ෂාංශ රේඛා අතරේ පිහිටා ඇති අඩු වායු පීඩනයෙන් යුත් නිසල ප්‍රදේශය; නිවාත තීරය.

ඩොල්පින් උද්ගතය

නා. උතුරු අත්ලන්තික් සාගරය මැද පත්ල උස් ව නැඟී සිටි ප්‍රදේශය.

ඩොල්පිනියා

(පාරිභා.) නා. ක්ෂීරපායි ගණයට සහ තල්මස් වර්ගයට අයත් වූ ද, මාළුවකුගේ හැඩයෙන් යුත් වූ ද මූදු සතෙක්; ඩොල්ෆින් (=dolphin).

ඩෝටිදේපළ

නා.ප්‍ර. කනවැන්දුම් හෙවත් සැමියා මළ ස්ත්‍රියකගේ දේපළ.