සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 964
නුබවත්
නා.ප්‍ර. චන්ද්‍රයා; සඳ.
නුබසර
වි. අහසෙහි සැරිසරන; අහසේ ගමන් කරන; නභශ්චර.
නුබසරණ
නා.ප්‍ර. අහසෙහි සැරිසරන්නා; නභශ්වරයා.
නුබි
වි. භය නැති; නොබිය වූ; නිර්භීත වූ; අභීත වූ.
නුබුන්
වි. නොබිඳුණු; භින්න නොවූ.
නුබුන් වත්කම
(පාරිභා.) නා. ගෙන ඇති සියලු ණය ආපසු ගෙවීමේ හැකියාව.
නුමුත
වි. පහ නොවූ; නොමිදුණා වූ; මුක්ත නොවූ.
නුමුලා
1. වි. මුළා නොවී; නොරැවටී; නොවරදවා.
2. වි. අප්‍රමාදව; නොපමාව.
නුමුස්නා
වි. නොමිදුණා වූ; යුක්ත වූ.
නුමුසු
වි. අමිශ්‍ර වූ; මිශ්‍ර නැති; මුහු නොවූ.
නුමුසු හෝඩිය
නා. අමිශ්‍ර හෝඩි; කව් ලැකියට අදාළ අක්ෂර මාලාව.
නුමුහුකළ
1. වි. නොමේරූ; නොපිරුණු.
2. වි. මුසු නොකරන ලද.
නුමුහුන්
වි. අන්‍ය වර්ගයක් හා මිශ්‍ර වී නැති; පිරිසිදු.
නුයුන්
නා.ප්‍ර. නයන; ඇස; නුවන; නෙත.
නුයුළ
වි. අනුකූල; එකඟ.
නුරා
වි. අනුරාගයෙන් යුත්; ස්නේහය සහිත; ඇල්මෙන් යුත්; අනුරාගී.
නුරාමත
නා. අනුරාගය නමැති මත් බව; ස්නේහයෙන් මත් වීම.
නුරාව
නා. අනුරාගය; ආදරය; ඇල්ම.
නුරාවෑරි
නා.ප්‍ර. ඕපාදූප.
නුරාසිත
නා. ස්නේහබර සිත; ආදර චිත්තය; අනුරාගී සිත.
නුරු
නා.ප්‍ර. ගිගිරි; පාසලඹ; නුපුර; සිලම්බු.
නුරුරැවු
නා.ප්‍ර. ගිගිරි හඬ; නුපුර රාවය.
නුරුව
නා. අනුරුව; සමාන දෙය; අනුරූපය; උපමාව.
නුරුවළ
නා. සළඹ; නුපුර; ගෙජ්ජි වැල; නුරුවළාව.