සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 963
නුකුල
වි. කුලහීන; අකුලීන.
නා.ප්ර. කුලහීනයා.
නුකුසී
වි. කුසිත නොවන; අලස නොවන; නුකූසීත.
නුකුහුල
නා. සැකයක් නැති බව; කුතුහලයෙන් තොර වීම.
නුගි
1. වි. ඵකඟ; අනුකූල.
2. වි. අවනත; වසඟ; ළැදි.
නුගුණ
1. නා.ප්ර. නොමනා ගුණ; අවගුණ; පහත් ගති; දුර්ගුණ.
2. නා.ප්ර. අයහපත; අවැඩ; හානිය; විපත.
3. නා.ප්ර. වරද; දෝෂය.
නුදුටුවිරී
වි. කවදාවත් නොදුටු; කිසිකලෙක දැක නැති; අදෘෂ්ට පූර්ව.
නුදුර
නා. දුර නොවූ තැන; සමීපය; ළඟ.
නුනුවණ
වි. නුවණ නැති; අනුවණ; අඥාන; මෝඩ.
නා. මෝඩකම; අඥානතාව.
නුපා
නා.ප්ර. රජ; නිරිඳු.
නුපුන්
1. වි. නොපැසුණු; නොමේරූ; ළා; ළපටි.
2. වි. නොපිබිදුණු; නොපිපුණු.
නුපුපුළ
වි. නොපිපිරුණු; නොකැඩුණු.
නුපුරනවා
ක්රි. සම්පූර්ණ නොකරනවා; නොපුරනවා.
නුපුව
නා. අනුපූර්වතාව; පිළිවෙළ; අනුපිළිවෙළ; ක්රමය.
නුපුස්නා
වි. නොපොහොනා; නොවටිනා; අගය රහිත.
නුපූ
වි. නොබොන ලද; පානය නොකරන ලද.
නුබ
1. නා.ප්ර. අහස; ආකාශය.
2. නා.ප්ර. ඔබ; යුෂ්මතා.
3. නා.ප්ර. මොබ; මෙතැන.
නුබ අබ
නා.ප්ර. අහස එළිය කරන්නා; කණමැදිරියා; කලාමැදිරියා.
නුබ මඬල
නා.ප්ර. මණ්ඩලාකාර වූ ආකාශය; නභෝ මණ්ඩලය; අහස.
නුබ මැණ
නා. අහසෙහි මැණික වන සූර්යයා; හිරු.
නුබකුස
නා. අහස; අහස්තලය; අහස්හැබ; ආකාශ කුක්ෂිය.
නුබගබ
නා. අහස්තලය; නභස්ථලය; අහස.
නුබමිණිකුල
නා.ප්ර. සූර්යවංශය; හිරු ගොත් කුලය.
නුබයා
නා.ප්ර. අහසින් යෑම; ආකාශ ගමන.
නුබරඟ
නා. අහස නැමැති රංග භූමිය; අහස.