සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 962
නීලමණි
නා.ප්‍ර. ඉන්ද්රනීල මාණික්‍යය; නිල්මිණි; නීලමාණික්‍යය.
නීලමේහ
නා.ප්‍ර. රෝගයක නාමය; පිත ඇසුරෙන් වැලඳෙන ප්‍රමේහ රෝගවලින් එකක්.
නීලලෝහිත
වි. නිල් හා රතු මිශ්‍ර වර්ණය; දම්පාට.
නීලවර්ණතාව
(පාරිභා.) නා. රුධිරය ඔක්සිජනීකෘත වීම නිසා හම සහ ශ්ලේෂ්මල පටල නිල්පාට වීම; සයිනෝසිස් (=cyanosis).
නීලවර්ණය
නා. නිල්පාට; කවි සමයාගත කළුපාට.
නීලවලාහක
නා.ප්‍ර. නිල් වලාකුළ; ජලවාෂ්පයෙන් බර වූ මේඝය.
නීලහරිත
(පාරිභා.) වි. (උද්භි.) පහසුවෙන් පිස දැමිය හැකි ළා දුඹුරුපැහැ යුත් චූර්ණමය ආලේපයකින් වැසී ඇති.
නීලාංජනය
නා. නිල් පැහැති අංජනයෙන් කළ ආලේපය; නිලඳුන.
නීලාංශු
නීලාක්ෂි
වි. නිල් ඇස් ඇති.
නීලාභ
වි. නිල් පැහැයට හුරු; නිල්පාට ඇති.
නීලාභ්ර
නා.ප්‍ර. නිල්පැහැයෙන් යුත් වලාකුළ; අඳුරු වලාව.
නීලාම්බරය
1. නා. නිල්පාට ආකාශය; නිල්වන් අහස; අඳුරු අහස.
2. නා. නීල වස්ත්‍රය; නිල් පැහැති රෙද්ද.
නීලෝත්පල
නා. නිල් මහනෙල්; නිල් උපුල්.
නීවරණ
වි. සිත කුසලයට යොමු වන්නට නොදී වසාගෙන සිටින ක්ලේශ ධර්ම; කාමච්ඡන්ද ආදි පංච නීවරණයන්ගෙන් එකක්.
නීව්රය
නා. වහලේ බිත්තිවලට පිටතින් ඇති කොටස; පියසි කොන.
නීවි
1. නා.ප්‍ර. ඇතැම් කාන්තා ඇඳුම්වල ඉණ වටා වැටෙන සේ තිබෙන රැලි කොටස; නෙරිය; නෙරිපට.
2. නා.ප්‍ර. මූල ධනය.
නීවීභාරය
නා. නෙරිය; නරු පොටෙහි බර.
නීහර
නා.ප්‍ර. පිනි; තුෂාර; හිම.
නීහරණ
1. නා.ප්‍ර. පැහැර ගැනීම; කොල්ලකෑම.
2. නා.ප්‍ර. පහ කිරීම; බැහැර කිරීම; ඉවත් කිරීම.
3. නා.ප්‍ර. ගෙන ඒම.
නීහාර
1. නා. ක්‍රමය; පිළිවෙළ; ආකාරය.
2. නා. පිනි; තුහින.
නීහාරක
වි. ගෙන එන; පමුණුවන.
නීහිමි
නා.ප්‍ර. නදීවලට අධිපතියා; මුහුද; සමුද්‍රය.
නුකම්
නා.ප්‍ර. පිළිවෙළ; අනුක්‍රමය.